subash

subash

අලුත්ම බෙකම් style

Published in අනං මනං
Wednesday, 21 January 2015 13:20

එංගලන්ත පාපන්දු ක්‍රීඩකයෙකුව  සිටි  ඩේවිඩ් බෙකම් ලෝකය තුල ජනප්‍රියව සිටින්නේ  ක්‍රීඩකයෙකුටත් වඩා නිරූපණ ශිල්පියෙකු ලෙසයි.

නවසීලන්තයට එරෙහි එක්දින තරඟාවලියෙන් පකිස්ථාන වේගපන්දු යවන කි‍්‍රඩක ජුනයිඩ්  ආබාධයකට ලක් වීම හේතුවෙන් පකිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලය ඔහුව ඉන් ඉවත් කර තිබේ.
නවසීලන්තයට එරෙහි එක්දින තරඟාවලියෙන් පකිස්ථාන වේගපන්දු යවන කි‍්‍රඩක ජුනයිඩ්  ආබාධයකට ලක් වීම හේතුවෙන් පකිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලය ඔහුව ඉන් ඉවත් කර තිබේ.

වත්මන් නාවික හමුදාපති වරයාගේ සොහොයුරා වන නැගෙනහිර පළාත් යුධ හමුදා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා විසින් යුධ හමුදා නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා ‍රැසක් එල්ල වී තිබේ.

සුපුන් ළහිරු ප්‍රකාශ්‍

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජෛවවිවිධත්වයෙන් හා ජල විද්‍යාත්මක අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් වන ඇටිපොල කන්දේ බැරැන්ඩිගල ගිරි ශිකරය විනාශ කරමින් සංචාරක කලාපයක් ඉදිකිරීමට හිටපු පරිසර ඇමතිවරයෙකුගේ සම්බන්දීකරණ ලේකම්වරයෙක් කටයුතු කරමින් සිටී. කිසිඳු පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත් නොවී මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ද ව්‍යාපෘති කරුවන්ට අවසර ලබා දීම නිසා මෙම වටිනා සොබා උරුමය මකර කටට යාම ජාතියේ අවාසනාවකි. අක්කර 1400 ක් ස්වභාවික මායිම් වලින් වෙන්ව පිහිටා ඇති මාතලේ පාවුල් කඳු වලල්ලේ ප්‍රමුඛ කඳු ශිකරයක් වන ඇටිපොල කන්ද ප්‍රධාන ඇල මාර්ග 19 කින් අඹන්ගඟ හා දැදුරු ඔය පෝෂණය කරනු ලබන අතර අඩි 4200 කට ආසන්න උසකින් සමන්විත ජෛව පද්ධතියක් හා ජලාධාරයක් වශයෙන් සංරක්ෂණය කල යුතු ප්‍රදේශයකි.

දීමුගේ පුතාට ඇප(update)

Published in පුවත්
Wednesday, 21 January 2015 12:29

හිටපු අගමැති පුත් අනුරාධ ලංකා ජයරත්න, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු බණ්ඩාර, ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි හා ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයාට ඇප ලබාදී තිබේ.

අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයෙකුට පහර දී දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප‍්‍රධාන සැකකරු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම අද (21දා) කොළඹ අපරාධ කොට්ඨාසයට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

'අත්තම්මා' ටෙලි නාට්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් නව පරපුරේ නළු නිළි දෙපළක් වන උදාරි සහ සංගීත්ගේ විවාහ උත්සවය මෙම මස 25 දින පැවැත්වීමට නියමිතයි.

විවෘත විශ්වවිද්‍යාලයේ ගැටලු වලට විසඳුම් ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ආරම්භකර ඇති සත්‍යග්‍රහයට අදට දින 36 කි. එම සත්‍යග්‍රහය සඳහා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු මණ්ඩලයද අද (21දා) එක්විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අළුතින් පත්වූ ආණ්ඩුව අතර සාමකාමී අන්දමින් බලය හුවමාරු වූ බවට කියැවෙන කතාන්තරයක් මේ වන විට ප්‍රකාශයට පත්ව තිබේ. අවසාන ප්‍රතිඵල නිකුත් වීමටත් කලින්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතා නිහතමානීව බලය අතහැර ගෙදර යන පින්තූරවලින් පුවත්පත්, රූපවාහිනී නාලිකා සහ අන්තර්ජාලය අරක්ගත්තේය. ඊට ටික වේලාවකට කලින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හදවතට බලවත් තැන්වලින් එල්ල වීමට ගිය මාරක පිහි පාරක් පිළිබඳ පින්තූර එම වාර්තා තුළ දැක ගන්නට නොතිබුණි. එම පිහි පහරින් අනූනවයෙන් බේරුණේ, නීතිපති යුවන්ජන් විජේතිලක සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ එඩිතර මැදිහත් වීම නිසාය.

Connet With Us