නාවික හමුදාපති සොයුරාට නීතිය ක්‍රියාත්මක නැද්ද?

Published in පුවත්
Wednesday, 21 January 2015 13:05

වත්මන් නාවික හමුදාපති වරයාගේ සොහොයුරා වන නැගෙනහිර පළාත් යුධ හමුදා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා විසින් යුධ හමුදා නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා ‍රැසක් එල්ල වී තිබේ.

1947 අංක 17 දරණ පනත අනුව යුධ හමුදාවේ රාජකාරීයේ නියුතු හමුදා සාමාජිකයන් සක්‍රීය දෙශපාලනයේ යෙදීම දඬුවම් ලැබිය යුතු වරදකි. එහෙත් මෙම වරද කළ ලාල් පෙරෙරා මහතා සහ තවත් ඉහළ නිළධාරීන් ‍රැසක් කිසිදු නීතිමය බාධාවකින් තොරව එම තනතුරුවල සේවය කරමින්ද සිටී.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ නම් සියළු තොරතුරු හෙළි කිරීමට මේවන විටත් යුධ හමුදාවේ බ්‍රිගෙඩියර් වරු සිව් දෙනෙකු සූදානමින් පසුවේ.

ලාල් පෙරේරා මහතාට එල්ල වී ඇති චෝදනා අතර, තැපැල් ඡන්දයට බලපෑම් කරමින් යුධ හමුදා නිළධාරීන්ට හා සෙබළුන්ට සහන මිළට යතුරු පැදි ලබාදීමට කටයුතු කරන බවත් රාජපක්ෂ පාලනය වෙනස් වුව හොත් ඒ නොලැබෙන බවටත් පැවැසීම, ඡන්දය කවරෙකුට ලබා දුන්නත් එය බව තමන්ට දැන ගත හැකි බව පවසා සෙබළුන් බියට පත් කිරීම, ප්‍රදේශ ගනනාවක හමුදාවේ ඉහළ නිළධාරීන් ලවා ඒ ඒ ප්‍රදෙශවල විහාරස්ථානාධිපතිවරුන්ට රාජපක්ෂවරු දිනවියයුතු බවට බලපැම කරවීම, ගංවතුර ආධාර බෙද දීමේදී එම ජනතාවට බලපෑම් කිරීම, යුධ හමුදවේ විශ්‍රාමීක නිළධාරීන්ට බලපෑම කිරීම, රජයේ සේවකයන් කැඳවා ජන හමු පවත්වා රාජපක්ෂවරුන්ට සහය ලබා දෙන ලෙසට පවසන ලෙස ප්‍රාදේශීය හමුදා ප්‍රධානින්ට බලපැම කිරීම, සෙබළුන් ලවා රාජපක්ෂවරුන්ගේ ඒවා හැර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අලවා තිබුණු පොස්ටර් බැනර ආදිය ඉවත් කිරීම, සෙබලුන්ගේ ආහාර සලාකයෙන් දෙශපාලන ‍රැස්වීම වලට ආහාර සපයා දීම, රනිල් මෛත්‍රී බොරු ගිවිසුමක් පෙන්වා රට දෙකඩ වන බවට අසත්‍ය තොරතුරු ප්‍රචරය කරවීම, දේශපාලන ආධාරකරුවන්ට යුධ හමුදා කඳවුරු තුල නවාතැන් පහසුකම් ලබා දීම, හමුදා කඳවුරු තුල දෙශපාලන ‍රැස්වීම් පැවැත්වීම, මෙම දේශපාලන ප්‍රචාරක කටයුතු වෙනුවෙන් හමුදාවේ මුදල් වැය කිරීම..., යනාදී වශයෙන් විශාල චෝදනා ‍රැසක් එල්ල වී තිබේ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us