ගුවන් විදුලී සංස්ථාවට මේ වංචනිකයාව නොගත යුතුය

Published in පුවත්
Monday, 19 January 2015 13:20

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයකු වූ නීතිඥ සමන්ත වැලිවේරිය මහතා නැවත වරක් ගුවන් විදුලි සංස්ථාවට රිංගීම සඳහා දැඩි උත්සාහය දරමින් සිටින බව හෙළිවේ.

ජනමාධ්‍ය ඇමැතිවරුන් වූ අනුර ප්‍රියදර්ශන යාපා හා කෙහෙළිය රඹුක්වැල්ල යටතේ ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ මොහුට එම ‍රැකියාවෙන් සමුගන්නට සිදුවූයේ ආයතනයට එරෙහිව නඩුවක් පවතින බව පවසා ව්‍යාජ ලිපිගොනු ආයතනයට ඉදිරිපත් කර නීතිඥ ගාස්තු ලෙස අතිවිශාල මුදලක් වංචාකාරී ලබා ගැනීම හෙලිවීම හේතුවෙනි.

මේ හෙළි වුයේ පාර්ලිමේන්තු කොප් කමි‍ටුව හමුවේය. ඔහුට ‍රැකියාවෙන් ඉවත් වන ලෙස එම කමි‍ටුව විසින් කළ නිර්දෙශය අනුව ‍රැකියාවෙන් ඉල්ලා අස්විය.

මොහු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රධාන සංවිධායකධුරය දරන කටුගම්පොළ මැතිවරණ කොට්ඨාශයේ පදිංචිකරුවෙකි. මෙන්ම ඔහුගේ සමීපත මිතුරෙකි.

පසුව ජනාධිපතිවරණය ආසන්නයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සිදු කළ අතර මේ වන විට ආණ්ඩුවේ ප්‍රධානින් කිහිප දෙනෙකු හමුවී ගුවන් විදුලි සංස්ථාවේ ඉහළ තනතුරක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් සිටී. ජනාධිපතිවරණය වෙනුවෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැත්වූ විශේෂ මහා සම්මේලනයටමොහු සහභාගි වී සිටියේය.

Last modified on Wednesday, 21 January 2015 19:10

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us