subash

subash

පසුගිය 2012 වසරේ නොවැම්බර් 09 වන දින සහ ඊට පසු දින  ‍රැඳවියන් 27 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර යේදී   මරා දැමීම සම්බන්ධයෙන් ඒ ඇසින් දු‍ටුවෙකුගේ සාකෂියක් ගෝ රයිට් සාමුහිකය වෙත ඉදිරිපත්ව තිබේ.

ආයතන ගනනාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට අද (20) පැමිණිලි කරන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

කෝපි බොන්න කවුද අකමැති. ඒත් මේ කතාව ඇහුවමනම් කෝපි බොන එක ගැන දෙපාරක් තුන් පාරක් හිතන්න වෙයි වගේ.

රාජපක්‍ෂ රජය යටතේ විදේශ තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ ඥාතින් හා හිතමිතුරන් 31 දෙනෙකු ආපසු ​සියරට කැඳවන බවට නව රජයේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කළ ද විදේශ සේවාවන් සදහා පත් කර ඇති ත්‍රිවිධ හමුදා නිලධාරින් නැවත කැඳවීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා තම රාජ්‍ය බලය යොදාගෙන මෙරට පරිපාලන ව්‍යුහය ව්‍යාකූල කරන විට ඊට එරෙහිව කතා කිරීම සඳහා තම කශේරුකාව කෙලින් තබා ගත්තේ කිහිප දෙනෙකු පමණි. ඔවුහුද ඉතා කෙටි කාලයක් තුළදී දේශද්‍රෝහීන් බවට පත් කරනු ලැබීය. යමෙක් රාජ්‍ය බලය අනිසිලෙස යොදා එමඟින් මුළු රටක් මුලාවට ඇදදමන විට ඊට එරෙහිව කටයුතු කිරීමට රටේ පුළුල් එකමුතුවක් නොතීබීම මඟින් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට වසර 10ක කාලයක් පුරා කිසිඳු අවහිරයකින් තොරව තම මෙහෙයුම කරගෙන යාමට හැකිවිය. මෙවරද, ඔහු විසින් සිදු කරනු ලැබූ අත්වරැද්ද නොවන්නට තවත් වසර දෙකක් ඔහු ධූරයේ සිටීම වැලැක්විය නොහැකි වනු ඇත.  

තම පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ඉල්ලා පොලිස් මූලස්ථානයට හා අංගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවැසුවාය.

ලංගමය යනු එජාපයේවත් ශ‍්‍රීලංනිපයේවත් ශාඛා සංගමයක් නොවන බව සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි. ඊයේ (19) කොළඹ ජාතික පුස්තකාල ප‍්‍රලේඛන මණ්ඩල ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කොට ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පිහි‍ටුවා ඇති ආණ්ඩුව ලබන අප්‍රේල් මස 24 වන දින විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බව රාජය පරිපාලන හා බුද්ධ ශාසන ඇමැති කරූ ජයසූරිය මහතා පවසයි. එමෙන්ම මහ මැතිවරණයෙන් කවර පක්ෂයක් ජය ගත්තද වසර දෙකක කාලයක් සඳහා නැවත්ටත් ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවන බවත් ඇමැතිවරයා පවසයි.

සාධාරන සමාජයක් උදෙසාවූ වෘතීය සමිති එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ(19) දින පැවැත්වින. වර්තමානයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට ෙමෙත්‍රීපාල සිරිෙස්න මහතා පත්වීම ඉතා සාධනීය තත්වයක් ලෙස දකින බවත් මෙවැනි සාධනීය ලක්ෂණ වඩා අර්ථවත් වීමට නම් දූෂිතයන් හා දූෂණ පිටුදකිමින් ඒවාට එරෙහි වෙමින් කටයුතු කළ යුතු බවත් මාධ්‍ය සාකච්ඡාව අමතමින් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

Connet With Us