පමා නොවී දූෂිතයන් එළවන්න(video)

Published in පුවත්
Tuesday, 20 January 2015 13:07

සාධාරන සමාජයක් උදෙසාවූ වෘතීය සමිති එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ(19) දින පැවැත්වින. වර්තමානයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට ෙමෙත්‍රීපාල සිරිෙස්න මහතා පත්වීම ඉතා සාධනීය තත්වයක් ලෙස දකින බවත් මෙවැනි සාධනීය ලක්ෂණ වඩා අර්ථවත් වීමට නම් දූෂිතයන් හා දූෂණ පිටුදකිමින් ඒවාට එරෙහි වෙමින් කටයුතු කළ යුතු බවත් මාධ්‍ය සාකච්ඡාව අමතමින් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

යුධ ජයගුහණය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ ජෙනරල් සරත් ෙෆාන්සේකා මහතාගේ සියලු අයිතිවාසිකම් රාජපක්ෂ රෙජිමය විසින් අහෝසි කළ බවත් නව ආණ්ඩුව ඒවා යළි ලබා දීමට යෝජනා වීම සතුටුදායක නමුත් එය කි‍්‍රයාවට නැංවීම ප‍්‍රමාද බව ඔහු පවසයි. එම නිසා ඉතා ඉක්මනින් අහිමි කළ සියලු අයිතීන් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.


දින සියයේ වැඩ පිළිවෙළ තුළ ජනවාරි 12 වන දින ජාතික උපදේශක සභාව පත්කිරීමට නියමිත වූවත් එම දිනය පසුවී හෝ ජාත්ක උපදේශක සභාව පිහිට වූවත් එය පොරොන්දුවූ ආකාරයෙන් සිදු නොවූ බව ඔහු පවසයි. එනම් දේශපාලන පක්ෂවල නියෝජිකයන් සහ අනෙකුත් පුරවැසි සංවිධාන වල එකමුතුවෙන් යුක්ත උපදේශක සභාවක් වෙනුවට දේශපාලන නියෝජිතයන්ගෙන් පමණක් සමන්විත උපදේශක සභාවක් පිහිටුවීම පොරොන්දු කඩ කිරීමක් බව සමන් රත්නප‍්‍රිය මහතා පැවසුවේය.

මේ වන විට දූෂිතයන් ආණ්ඩුව සමග එක්ව ඇති අතර තවත් දූෂකයන් පිරිසක් තවමත් යහතින් තනතුරුවලය. ඔවුන්ට විරුද්ධව ඉක්මනින් පියවර ගත යුතු බව රත්නප්‍රිය මහතා පැවසුවේය. රාජපක්ෂ රෙජිමය හා එක්ව සිටි දූෂිතයන් යළි ළං කර ගැනීම කිසිසේත් අනුමත නොකරන බව ඔහු පවසයි.ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කළ යුතු බවත් තනතුරු දැරීමට මින්සුන් නැතිවද නැතිවාක් ෙමන් දූෂිතයන් අායතන රැසක තනතුරු දැරීම දේශපාලන අනුග්‍රහයේ තරම බවත් සදහන් කළේය.තොරතුරු හෙළිව පවතිද්දීත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට
පමා නොකළ යුතු බවත් ඔහු පැවසුවේය.

Last modified on Tuesday, 20 January 2015 13:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us