ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව හින්දු පුවත්පත අද වාර්තා කළේය. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ප්‍රථම විදේශ චාරිකාව ලෙස ලබන මාසයේ ඉන්දියාවේ චාරිකා කරන බව ද එම පුවත්පත සදහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ ඉන්දීය සංචාරය පිළිබද වාර්තාවක් ගෙන එමින් ඔවුන් මෙම කරුණු දක්වා අැත. විදේශ අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඊයේ නිළ සාකච්ඡාවක නිරත වුයේය. එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමේදී නව රජය නව ප්‍රවේශයක් අනුගමනය කරන බවයි.