ලංගම යනු එජාපයේ හෝ ශ‍්‍රීලංනිපයේ ශාඛා සංගමයක් නොවේ

Published in පුවත්
Tuesday, 20 January 2015 13:46

ලංගමය යනු එජාපයේවත් ශ‍්‍රීලංනිපයේවත් ශාඛා සංගමයක් නොවන බව සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි. ඊයේ (19) කොළඹ ජාතික පුස්තකාල ප‍්‍රලේඛන මණ්ඩල ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

පසුගිය කාලය තුල ලංගම සේවකයින් හා අනෙකුත් සම්පත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් අමු අමුවේම යොදාගැනීමට කටයුතු කළ බවත් එවැනි තත්වයක් වර්තමාන ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරන්නට උත්සාහ දරන්නේ නම් ඊට එරෙහිව දැඩි විරෝධය පලකරන බවත් සේපාල මහතා මෙහිදී පැවසීය. මේ වන විටද ලංගමය තුල සේවකයින් තම ආයතන තුලට නොපැමිණෙන බවත් ඔවුන්ට සේවයට වාර්තා කිරීමට පහසුකම් සලසාදීම වර්තමාන ආණ්ඩුවේ වගකීම බවත් ඔහු පැවසීය.

වර්තමාන ආණ්ඩුව විසින් ලංගම සේවකයින් මුහුණ දී ඇති ප‍්‍රශ්ණ විසඳීම සඳහා දින 100 තුල දැවැන්ත මැදිහත්වීමක් කළ යුතු බවත් ඒ සඳහා යෝජනා මාලාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කර සිටින බවත් එම යෝජනා මාලාව ඉදිරිපත් කරමින් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංගමය තුළ දැනට සේවය කරන කිසිදු සේවකයෙකු බලහත්කාරයෙන් ස්ථානමාරුවීම් නොකරන ලෙසද,සේවකයාගේ අභිමතය පරිදි ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස ද
අධ්‍යාපනයෙන්, වෘත්තීය වශයෙන් කිසිදු සුදුසුකමක් නොමැති අන්ත දූෂිත නිලධාරීන් පමණක් විධිමත් පරීක්ෂණයක් පවත්වා එම නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කර අදාල නිලධාරීන් වෙනුවට අධ්‍යාපනයෙන් වෘත්තීය වශයෙන් ඉහළම සුදුසුකම් ඇති පුද්ගලයන් පත්කරන ලෙස ද ඉල්ලා සිටියේය.

2004 වසරේ සිට 2015 ජනවාරි දක්වා කාල පරාසය තුළ දේශපාලනික බලපෑම් මත ස්ථාන මාරුවීම් කරන ලද, උසස්වීම් ලබානොදෙන ලද, රැකියාවන් අහිමිකරන ලද සියලූම සේවකයන්ට විධිමත් පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ඔවුන්ට හිමි ස්ථාන මාරුවීම්, උසස්වීම් සහ නැවත රැකියාව ලබාදී එම සේවකයන්ට සාධාරණය සහ යුක්තිය ඉටුකරන ලෙස පැවසුවේය.

2015 ජනාධිපතිවරණ කාලය තුළ දේශපාලන කටයුතු සඳහා ශ‍්‍රී ලංගම ඩිපෝවලින් ලබාදුන් සියලූම බස්රථ වලින් සිදුවී ඇති පාඩුව විධිමත්ව ගණනය කර එම සියලූම මුදල් බස්රථ ලබාදී ඇති නිලධාරීන්ගෙන් අයකර ගැනීමටද රාජ්‍ය ව්‍යාපාර අංක 01/2013 යටතේ සියලූම ශ‍්‍රී ලංගම සේවකයන්ගේ සේවා කාලය අවු. 60 දක්වා අඛණ්ඩව දිර්ඝ කරන ලෙස ද,කම්කරු උසාවි වලින් නියෝග දී ඇති සේවකයන්ට එම සහනයන් සමඟ නැවත රැකියාව ද දැනට කම්කරු උසාවිවල පැමිණිලි කර ඇති සේවකයන්ට සාධාරණ වන්දියක් ලබාදී ඔවුන්ට අවු. 60 දක්වා සේවය කිරීමේ අයිතිය ලබාදෙන ලෙස ද,සේවකයන්ගේ වැටුපෙන් මුදල් අයකරගෙන බැංකු ගතකිරීම පැහැර හැර ඇති අර්ථසාධක අරමුදල් රුපියල් මිලියන 7680 කට අධික මුදල බැංකුගත කිරීමට 2015.01.29 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය ලේඛනයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

නියමිත දිනට නියමිත වැටුප ශ‍්‍රී ලංගම සේවකයින්ට ලබාගැනීමට රුපියල් මිලියන 16,212 ක මුදල2015.01.29 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය ලේඛනයෙන් ලබාදෙන ලෙස ද,තීරු බදු රහිත යතුරු පැදි ශ‍්‍රී ලංගම සේවකයන්ට ලබාදෙන ලෙසද මෙම යෝජනාමාලාව මගින් එම සංගමය ඉල්ලා සිටී.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us