ශිරාල් ලක්තිලකට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරක්

Published in පුවත්
Tuesday, 20 January 2015 13:38

නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කොට ඇත.

මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ශිරාල් ලක්තිලක කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලැබ නීතිඥයෙකු ලෙස වෘත්තීමය ජීවිතය ආරම්භ කළේය.


ගැටුම් අධ්‍යයනය පිළිබද ශ්‍රාස්ත්‍රපති උපාධිය ඇමරිකාවේ ෆලඩෙල්ෆියා හි ආකේඩියා විශ්වවිද්‍යාලයෙන් හා ටෙම්පල් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් ඔහු ජාත්‍යන්තර නීතිය , ජාත්‍යන්තර දේශපාලනය, මානව හිමිකම් හා කළමනාකරණය කටයුතු පිළිබද ජාත්‍යන්තර ආයතනය හා විද්‍යාල රැසකින් වැඩිදුර අධ්‍යාපනය ලබාගත්තේය.


1994 වර්ෂයේ දී අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබද අමාත්‍යාංශයේ උපාය මාර්ගික සහ පර්යේෂණ කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළේය. නැවත 2000 වසරේ දී කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වූ ඔහු 2002 වසරේ දී කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය.


නීති වෘත්තීය කේෂ්ත්‍රයට තුළ එහු වැඩි අවධානය යොමු වූවේ සිවිල් නීතිය, පරිපාලන නීතිය හා මානව හිමිකම් පිළිබදවය.

mawbima

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us