ගෝඨාගේ හමුදා නිළධාරීන් තවදුරටත් තානාපති සේවයේ

Published in පුවත්
Tuesday, 20 January 2015 14:43

රාජපක්‍ෂ රජය යටතේ විදේශ තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ ඥාතින් හා හිතමිතුරන් 31 දෙනෙකු ආපසු ​සියරට කැඳවන බවට නව රජයේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කළ ද විදේශ සේවාවන් සදහා පත් කර ඇති ත්‍රිවිධ හමුදා නිලධාරින් නැවත කැඳවීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

මේ ආකාරයෙන් රාජ්‍ය තාන්ත්‍රික සේවය සඳහා යොදවා ඇතියවුන් අතර යුද අපරාධ චෝදනා එල්ලව ඇති හමුදා නිළධාරීන් ගණනාවක්ද වේ.

මේ පිළිබඳව විදේශ අමාත්‍යංශ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී කියා සිටියේ හමුදා නිලධාරීන් නැවත කැඳවීමට ආණ්ඩුව මෙතෙක්​ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව​ ය.

එසේ සේවයේ යෙදී සිටින හමුදා නිළධාරීන්ට හිමිවන තානාපති වරප්‍රසාද අතරින් එකක් වනුයේ විදේශයකදී දඩුවම් නොලබා සිටීමට ඉඩ ලැබෙන රාජ්‍ය තාන්ත්‍රික මුක්තියයි.


ගෝඨා ගේ අනුගාමිකයින් :

විදේශ තානාපති සේවාවන්වල ප්‍රධාන නිලයන්ට අමතරව බොහෝ උප නිලයන් සඳහා පත් කර ඇත්තේද හමුදා නිළධාරීන් ය. පැවති රජයේ ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව පත් කෙරුණු මොවුන් වැඩිදෙනෙක් ඔහුගේ අනුගාමික නිළධාරීන් වශයෙන් සැළකේ.

විශේෂයෙන් විදේශගත දෙමළ ප්‍රජාව සම්බන්ධයෙන් මෙන්ම බලයේ පැවති ආණ්ඩුව කෙරෙහි විවේචනාත්මක මත දරන්නවුන් හා ඔවුන් අයත් සංවිධාන පිළිබඳව තොරතුරු රැස් කිරීම, මොවුන්ට පැවරී ඇති රාජකාරී අතුරින් ප්‍රධාන කාර්යයක් සේ සැළකුණි.


වාර්තා වන පරිදි මේවනවිටත් විදේශ රටවල තානාපති සේවයේ යෙදෙන ප්‍රධාන පෙලේ හමුදා නිළධාරීන් මෙසේ ය​:

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ - තානාපති ජපානය

හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි - මහ කොමසාරිස් , පකිස්ථානය

හිටපු ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා - තානාපති, ඊශ්‍රාලය

හිටපු යුද හමුදාපති ජනරාල් ශාන්ත කොට්ටෙගොඩ - තානාපති, තායිලන්තය

හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ - මහ කොමසාරිස්, ඕස්ට්‍රේලියාව

මේජර් ජනරාල් කමල් ගුණරත්න - නියෝජ්‍ය මහ කොමසාරිස්, දකුණු අප්‍රිකාව

මේජර් ජනරාල් ලලිත් දවුලගල - නියෝජ්‍ය මහ කොමසාරිස්, මැලේසියාව

මේජර් ජනරාල් ක්‍රිෂාන්ත සිල්වා - නියෝජ්‍ය තානාපති, රුසියාව

මේජර් ජනරාල් නන්දන උඩවත්ත - තානාපති අමාත්‍ය, රුසියාව

ලුතිනන් කමාන්ඩර් ජේ. කේ බණ්ඩාර - දෙවැනි ලේකම්, ජපානය

බ්‍රිගේඩියර් දේශප්‍රිය දිසානායක - දෙවැනි ලේකම්, තුර්කිය

ශවේන්ද්‍ර සිල්වා

මේ අතර, යුද්ධයේ අවසන් මෙහෙයුම්වලදී සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති 58 වෙනි සේනාංකයට අණ දුන් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරණයට පෙර යළි ශ්‍රී ලංකාවට ​කැඳවනු ලැබුණි.

ඊශ්‍රායලයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (National Defense Academy) හමුදා නායකත්ව පාඨමාලාවක් සඳහා මේජර් ජෙනරාල් සිල්වාගේ නම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා විසින් නිර්දේශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ‍මෙම කැඳවීම සිදුකළ බව වාර්තා වේ.

උපුටා ගැනීම- jdslanka.org

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us