subash

subash

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැරණි ක‍්‍රමයට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැත. පැරණි ක‍්‍රමයටම ප‍්‍රශ්න පත‍්‍ර දෙකක් සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බව විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේය. මීට පෙර සන්ධාන රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන ශිෂ්‍යත්ව විභාගය සදහා එක් ප‍්‍රශ්න පත‍්‍රයක් ලබාදීමට කටයුතු කළේය.

ජනප්‍රිය ගායිකාවක් වන ශකීරා දෙවැනි වරටත් මවක් වීමට යන බව පසුගිය කාලයේ වාර්තා උනා.

නීති විරෝධී ලෙස අලි පැටවුන් ලියාපදිංචි කිරීමේ දේශපාලන කි‍්‍රයාවලිය පිළිබඳ නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට පරිසරවේදීන් තීරණය කර අැත.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නව රජයට බලකර සිටියි.

වසර විස්සකට පමණ පසු චීනයේ ආර්ථික වර්ධනය පහත අඩියකට ඇද වැටෙයි.

මංගල වටේ හොරු කැරකේ.

Published in පුවත්
Wednesday, 21 January 2015 09:37

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඊයේ විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස වැඩ බාර ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා ඊට අනුබද්ධව පවතින ආයතනවල දූෂණ වංචාවලට සම්බන්ධව පුද්ගලයන් හා එවැනි කරුණු නිසා එම ආයතනවලින් නෙ‍රැපීමට ලක්වූවන් කිහිප දෙනෙකු මංගල සමරවීර මහතා වෙත සුභ පැතුම් පණිවිඩ එවා තිබෙන බව වාර්තා වේ.

උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිදරන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තමිල් අරසු කච්චි පක්‍ෂය අත්හිටුවා ඇත.


පසුගිය ජනාධිපතිවරනයේදී දෙමළ ජාතික සන්ධානය කොන්දේසි විරහිතව මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂපාතිත්වය දැක්වීමට තීරණය කර තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඊලම විරුද්ධ බවත් දෙමළ ජනයාට ඉන් සහනයක් නොලැබෙන බවත් ආනන්දි සසිදරන් මහත්මිය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවැසුවාය. එමෙන්ම ඡන්දය වර්ජනය කරන ලෙසත් ඇය උතුරේ දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියාය.


මේ අනුව දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධන පක්ෂය වන තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකාවක් වන සසිදරන්ට, පක්‍ෂයේ විනය කැඩීම පිළිබඳව චෝදනා එල්ල වී තිබේ. ඇගේ පක්‍ෂ සාමාජිකත්වය නතර කිරීමේ ලිපිය පක්‍ෂ ලේකම් කේ. තුරෙයිරාජසිංහම් විසින් ඊයේ යවා ඇත.

නව ව්‍යවස්‌ථා සංශෝධනයේදී ඒකීය රටක්‌ යන මතයේ සිට ඒකීයභාවයට හානි නොවන විසඳුමක්‌ ජාතික ප්‍රශ්නයට සොයන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවසීය.

එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජයට පත් කිරීමෙන් පසු ඔවුන් සතුව තිබී සොයාගත් රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක්‌ ජනාධිපති මන්දිරයේ සහ ලේකම් කාර්යාලයේ පරිහරණය සඳහා යොදාගෙන තිබූ බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරයකු වන තමන්ට ආණ්‌ඩු පක්‌ෂයේ අසුනක්‌ වෙන්කර නැති බව පවසමින් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේ සභා ගැබට නොපැමිණ යළි හැරී ගොස්‌ ඇත.

Connet With Us