ඒ ඔස්සේ මෙතෙක් කි‍්‍රයාත්මක වූ බව කියන නීති විරෝධී අලි පැටවුන් ජාවාරම මැඩපැවැත්වීමට යහපාලන කි‍්‍රයාවලියක් තුළින් නිසි පියවර අනුගමනය කිරීම සම්බන්ධව පරිසරවේදීන්ගේ අවධානය යොමුවී පවතී.
පරිසර සංවිධාන එකමුතුව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පරිසරවේදී පුබුදු වීරරත්න මහතා ප‍්‍රකාශ කලේ නව ජනාධිපතිවරයාගේ සහ නව රජයේ පූර්ණ සහාය ලබා ගනිමින් මෙම ජාවාරම මැඩපැවැත්වීමට බලාපොරොත්තු වන බවය.
ඒ අනුව අද (21)දිනයේදී නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ජාවක් පවත්වන බවද ඔහු සඳහන් කළේය.