පහ වසර ශිෂ්‍යත්ව විභාගය පෙර පරිදිමයි

Published in පුවත්
Wednesday, 21 January 2015 11:15

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැරණි ක‍්‍රමයට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැත. පැරණි ක‍්‍රමයටම ප‍්‍රශ්න පත‍්‍ර දෙකක් සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බව විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේය. මීට පෙර සන්ධාන රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන ශිෂ්‍යත්ව විභාගය සදහා එක් ප‍්‍රශ්න පත‍්‍රයක් ලබාදීමට කටයුතු කළේය.

මේ අතර, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ පසුගිය දිනවල ආරම්භ වුවත් ඇතැම් ප‍්‍රදේශයන්හි ඒ සම්බන්ධයෙන් ගැටළු මතුවී පවතී. ඇතැම් දෙමාපියන් උද්ඝෝෂණවල නිරතවූයේ තම කුඩා දරුවන්ට පාසලක් අහිමිවීම හේතුවෙනි.

මේ අතර පල්ලම ආර්.ඞී. ජයරත්න ප‍්‍රාථමික විද්‍යාලයේ පාසලේ පන්ති දෙකකින් යුත් පළමු ශ්‍රේණිය එක් පන්තියකට සීමා කිරීමට බලධාරින් ගත් තීරණයත් සමග සිසුන් 40 කට නව වසරේ පළමු ශ්‍රේණිය අහිමිවී අැත.

පුත්තලම ප‍්‍රදේශයේ පළමු ශ්‍රේණියේ දරුවන් පිරිසකට සාලියවැව ආදර්ශ මහා විද්‍යාලය ඉදිරිපිට පැදුරු මත අකුරු ඉගෙනගැනීමට සිදුවූයේ බලධාරීන් මීට පෙර ගත් තීරණයක් මතය. 2013 වසරේදී සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයේ ප‍්‍රාථමික අංශය කලාප බලධාරීන් විසින් ඉවත් කිරීමට තීරණය කළේය. මීට පෙර ඉවත් කළ ප‍්‍රාථමික අංශය යළි පාසලට ලබාදෙන ලෙස දෙමව්පියෝ ඉල්ලා සිටිති.

ඊයේ (20)දිනයේදී තවත් දෙමව්පියන් පිරිසක් මින්නේරිය - හබරණ ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂනයක නිරතවූයේ සිය දරුවන්ට නාගලකන්ද නවෝද්‍යා විද්‍යාලයේ ප‍්‍රාථමික ශ්‍රේණි ආරම්භ කර දෙන ලෙස ඉල්ලමිනි. තමන්ට පවතින දුෂ්කරතා හේතුවෙන් දුර ප‍්‍රදේශයක පිහිටි පාසලකට දරුවන් යැවීමේ හැකියාවක් නොමැති බව දෙමව්පියන් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us