ඒකීය භාවය ‍රැකෙන පරිදි ජාතික ප්‍රශ්නය විසඳනවා - අගමැති

Published in පුවත්
Wednesday, 21 January 2015 08:29

නව ව්‍යවස්‌ථා සංශෝධනයේදී ඒකීය රටක්‌ යන මතයේ සිට ඒකීයභාවයට හානි නොවන විසඳුමක්‌ ජාතික ප්‍රශ්නයට සොයන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවසීය.

මෙම ප්‍රශ්නය විසඳීමේ ගෞරවය රජයට පමණක්‌ නොව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලු දෙනාට හිමිවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


නව ආණ්‌ඩුවේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්‌වීමේදී මෙම විශේෂ ප්‍රකාශය කළ අගමැතිවරයා අපේ පක්‌ෂ වෙනස්‌, අපේ ප්‍රතිපත්ති වෙනස්‌, අපේ දර්ශනය වෙනස්‌ නමුත් අපි පොදු පෙරමුණක්‌ වෙනුවෙන් අත්වැල් බැඳගත්තා, විවිධ වර්ණවලින් යුත් දේදුන්නක්‌ සේ අපි එකට එක්‌ වුණා. එනිසා මේ වර්ණවත් දේදුන්නට ඔබේ සිතිවිලි සම්මාදමද එක්‌ කරන්න. ඔබේ අදහස්‌වලින් මේ දේදුන්න තව තවත් අලංකාර කරන්න... යෑයිද විපක්‌ෂයෙන් ඉල්ලා සිටියේය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරෙන 19 වැනි සංශෝධනය සම්මත කර ගත යුතු බවත් නව රජයේ දින 100 වැඩසටහන යටතේ විධායක ජනපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තවද ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම් පත, ජාතික විගණන හා තොරතුරු දැනගැනීමේ පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බව ද ඒ මහතා පැවසීය.

එසේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා පිහිටුවීමට ක්‍රියා කරන බවද, නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන මන්ත්‍රීවරුන් සහ සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි ඊට සභාපතිවරුන් පත් කළ යුතු බවද, ඔහු කියා සිටියේය.

සමගියෙන් රැස්‌ව සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් විසිර යන සම්මුතිවාදී රාජ්‍ය පාලනයක්‌ ලිච්ජවි සම්ප්‍රදාය අනුව ගෙන යන බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීවේය.

ඒ අනූව නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට, ශීලාචාර ආණ්ඩුවක් නිර්මාණය කිරීමටත්, පවුල්වාදය වෙනුවට ජන සම්මතවාදය ස්ථාපිත කිරීමටත්, දූෂණයෙන් වංචාවෙන් තොර යහ පාලනයක් ඇති කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමටත් කටයුතු කරන බවද අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ජනවාරි 29දා ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය යෝජනාව මගින් සාමාන්‍ය ජනතාවට සහන රැසක් ලබා දෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


රනිල්ගේ ලිච්ඡ්විපාලනයට නිමල්ගේ එකඟතාවය

මේ අතර පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ නව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ "විරුද්ධ" යන වචනය පසෙක තබා ආණ්‌ඩුවේ කකුලෙන් නොඇද ජනතාවාදී ක්‍රියාකාරකම් සඳහා සහායදීම යුතුකමක්‌ සේ සිතා කටයුතු කරන බවත් නව රජයේ දින සියයේ වැඩපිළිවෙළට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවත්ය.

'නව වැඩපිළිවෙළක්‌, නව දේශපාලන සංස්‌කෘතියක්‌ සඳහා දරන ප්‍රයත්නය පිළිබඳ අපි පැහැදී සිටිනවා. දින සියයේ වැඩසටහන පිළිබඳ විපක්‌ෂයේ මතයන් විමසමින් ඉදිරියට යනවා නම් අපිට ඒ සඳහා පූර්ණ සහාය දිය හැකිය. අපිත් කටයුතු කරන්නේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසායි. අපි කුමන පිලේද ඉන්නේ කියා අමතක කර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළට පූර්ණ සහාය දීමට ඒකමතිකව කැමැත්ත පළකර සිටිනවා.'

Last modified on Wednesday, 21 January 2015 08:29

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us