එල්ටීටීඊයෙන් අල්ලාගත් වාහන ටිකත් රාජපක්ෂලා බෙදාගෙන

Published in පුවත්
Wednesday, 21 January 2015 07:41

එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජයට පත් කිරීමෙන් පසු ඔවුන් සතුව තිබී සොයාගත් රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක්‌ ජනාධිපති මන්දිරයේ සහ ලේකම් කාර්යාලයේ පරිහරණය සඳහා යොදාගෙන තිබූ බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

මෙම වාහනවලින් වැඩි කොටසක්‌ මේ වනවිට අතුරුදන්ව ඇති බවද වාර්තා වෙයි.

මේ අතර යුද සමයේ එවකට රජය විසින් රටින් පිටුවහල් කළ රාජ්‍ය නොවන සංවිධානවලට අයත්ව තිබූ සුඛෝපභෝගි වාහන රැසක්‌ද ජනාධිපති මන්දිරයේ සහ ලේකම් කාර්යාලයේ පාවිච්චිය සඳහා යොදාගෙන තිබූ බවට තොරතුරු හෙළිවී ඇත.

එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් ලබාගත් වාහනවලින් වැඩි ප්‍රමාණයක්‌ ජනාධිපති මන්දිරයේ හෝ ලේකම් කාර්යාලයේ ලේඛනගත වී නොතිබූ බවද වාර්තා වෙයි.

මෙම වාහන ජනාධිපති මන්දිරයේ සහ ලේකම් කාර්යාලයේ උසස්‌ නිලධාරීන් සහ ඇතැම් දේශපාලනඥයන් පරිහරණය කරන ලද බවද හෙළිවී ඇත.

 


- divaina

Last modified on Wednesday, 21 January 2015 07:51

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us