subash
ඊයේ (21)අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද උදැසන ඔහු අතට ගෙනත් දෙන බවට පොරොන්දු වී ගිය අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද උදැසන පොරොන්දු වූ පරිදී පැමිණ නොමැත.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක මාරු කරනවා
දැනට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් එම තනතුරින් මාරු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
2013 දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි තවමත් විභාගයට ගෙන නෑ
2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි දහස් ගණනක් තවමත් විභාගයට ගෙන නොමැත.
පසු ගිය කාලය පුරා වනාන්තර අක්කර ලක්‍ෂ ගණනක් රජය මැදිහත්වීමෙන් විනාශ කර දැමු අතර , වනාන්තර විනාශය සම්බන්ධව 2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත. නමුත් මෙම පැමිණිලි වලින් සැළකිය යුතු බොහෝමයක් සම්බන්ධව මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
ලෝකෙ පුරාම රවුම් ගහන්න කැමතිද? විවිධ තැන්වල සුන්දරත්වය විඳිමින් රටින් රටට යන්න අවස්ථාවක් ලැබෙනවානම් ඒක ජීවිතේ ලබන සුන්දරම අත්දැකීමක් වේවි.
මෛත්‍රී,රනිල් ඇතුළු ඇමති මණ්ඩලයට අලුත් වාහන තහනම්
ජනාධිපතිතුමන් , අග්‍රමාත්‍යතුමන් ඇතුලු ඇමති මණ්ඩලය හට නව වාහන මිල දී ගත නොහැකි බවට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.
රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති මහාපරිමාණ දූෂණ සොයාබැලීම සඳහා විශේෂ කොමිසමක් පත්කර තිබේ.
බැසිල් හොරා කෑ මුදල් ආපසු ගන්න- නිදහස් සමෘද්ධි පොදු කම්මරු සංගමය
පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 1862.42 ක මුදලක් විදම් කර තිබෙන බවත් එම මුදල නැවත ලබාගන්නා ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් සමෘද්ධි පොදු කම්මරු සංගමය ඊයේ (21දා) විරෝධතාවක නිරත විය.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ හා විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
