2013 දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි තවමත් විභාගයට ගෙන නෑ

Thursday, 22 January 2015 13:13

2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි දහස් ගණනක් තවමත් විභාගයට ගෙන න‍ොමැත.

පසු ගිය කාලය පුරා වනාන්තර අක්කර ලක්‍ෂ ගණනක් රජය මැදිහත්වීමෙන් විනාශ කර දැමු අතර , වනාන්තර විනාශය සම්බන්ධව 2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත. නමුත් මෙම පැමිණිලි වලින් සැළකිය යුතු බොහෝමයක් සම්බන්ධව මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

එයට හේතුව මෙම වන අපරාධ සිදූවුයේ දේශපාලකයන්ගේ හා පොළීසියේ මැදිහත් වීමෙනි. ඒ අනුව 2013 වර්ෂයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පහත පරිදි වන විනාශය සම්බන්ධව පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත.

  දිස්ත‍්‍රික්කය පැමිණිලි සංඛ්‍යාව
01 අනුරාධපුරය 448
02 බදුල්ල 215
03 මඩකලපුව 71
04 ගාල්ල 105
05 ගම්පහ 35
06 හම්බන්තොට 98
07 පුත්තලම 145
08 රත්නපුර 309
09 තී‍්‍රකුණාමලය 65
10 වව්නියාව 59
11 මුලතිව් 57
12 මොණරාගල 441
13 මහියංගනය 11
14 නුවරඑළිය 137
15 පොලොන්නරුව 66
16 කළුතර 101
17 කිලිනොච්චිය 23
18 කෑගල්ල 38
19 කුරුණෑගල 57
20 මාතර 96
21 මාතලේ 91
22 මහනුවර 53
  එකතුව 2803

මෙම වනාන්තර විනාශය සම්බන්ධ මතු වූ බහුතරයක් සිද්ධි පිටුපස දේශපාලඥයන්, පොලීසිය හා හමුදාව සිටින අතර රජය මගින් සංවර්ධනයට යැයි කියා සිදුකරන විනාශයට අදාල සිද්ධීන් මෙයට ඇතුළත් වී නොමැත.


කෙසේ වෙතත් වනාන්තර විනාශකිරීම ඉතා සීඝ ලෙස සිදුවන අතර මෙලෙස වාර්තා වු වන අපරාධ වලට සමිබන්ධ පුද්ගලයන්වත් අත්අඩංගුවට ගැනීම වගකිව යුතු අයතන විසින් සිදකල යුතු අතර වනාන්තර විනාශය වැළැක්වීමට නිසි පියවර ගැනීමට ජනපති හා අගමැතිවරයාද මැදිහත් විය යුතුව ඇත

රවින්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථාන

 

Last modified on Thursday, 22 January 2015 13:16

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us