රෙජිමයේ මහාපරිමාණ දූෂණ සොයන්න විශේෂ කොමිසමක්

Published in පුවත්
Thursday, 22 January 2015 12:08

රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති මහාපරිමාණ දූෂණ සොයාබැලීම සඳහා විශේෂ කොමිසමක් පත්කර තිබේ.

අද (22)පැවති කැබිනට් ප්‍රකාශන දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.

මෙම කොමිසම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිරිපත් කරන ලද සංදේශයක් හා විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද සංදේශය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

එසේම ජාතික විධායක සභාව විසින් නිර්දේශ කරන ලද පරිදි පහත සඳහන් සමාජිකයින්ගෙන් සමන්විත දූෂණ විරෝධි කමිටුව ස්ථාපනය කිරීම අනුමත කරන ලදි.

රනිල් වික්‍රමසිංහ -සභාපති

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර

විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික

නාගරික සංවර්ධ න හා ජල සම්පාදන හා ජලාප්‍රවාහන අමත්‍ය රවුෆ් හකීම්

පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමල ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්

පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එන් සුමන්තිරම්

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

නීතිඥ ජේ.පී වැලිඅමුණ

මලික් සමරසිංහ යන සමාජිකයින් මෙම කොමිසමේ තනතුරු හොබවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us