බැසිල් හොරා කෑ මුදල් ආපසු ගන්න- නිදහස් සමෘද්ධි පොදු කම්මරු සංගමය

Published in පුවත්
Thursday, 22 January 2015 11:58

පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 1862.42 ක මුදලක් විදම් කර තිබෙන බවත් එම මුදල නැවත ලබාගන්නා ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් සමෘද්ධි පොදු කම්මරු සංගමය ඊයේ (21දා) විරෝධතාවක නිරත විය.

දිවිනැගුම දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවති මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ පසුගිය වසරේ නොම්බර් මාසයේ 21 වැනිදා සිට මැතිවරණය පැවැත්වූ කාලය තුළදී මෙම මුදල් වියදම් කර තිබෙන බවයි.

මේ අනුව ජනාධිපතිවරණය වෙනුවෙන් පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් සඳහා රුපියල් මිලියන 70 ක් හා ජනාධිපති ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැස්වීම ලෙස දිවිනැගුම ජාතික සම්මේලනය පැවැත්වීමට රුපියල් මිලියන 70ක් ඇතුළුව මෙම මුදල් වියදම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.

මේ ආකාරයට නාස්තිකාර වියදම් සිදුකළ ලිපිලේඛන පවා වෙනස් කරමින් තිබෙන බැවින් වහාම එම කටයුත්ත නවතා දමා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මේ සඳහා වගකිව යුත්තන්ගෙන් එම මුදල් අයකර දෙන ලෙසද නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් උද්ඝෝෂණකරුවෝ ඉල්ලා සිටියහ.

(මූලාශ්‍රය අද)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us