subash

subash

මහරගම පිළිකා රෝහල යන නිල නාමය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇත.

මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස ස්ථාපිත කිරීම සහ අයිතීන් ලබාගැනීම අරමුණු කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත කරුණු 30 ක් ඇතුළත් යෝජනාවලියක් යොමුකර ඇත. මීට පෙර පැවති රජය තහනමට ලක්කළ සියලූම විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් යළි ස්ථාපිත කිරීමද මෙම කරුණු අතර වන බව කැඳවුම්කරු නජිත් ඉන්දික කියා සිටියේය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 108කින් පාරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පස්වැනි එක්දින තරගය ජයගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.
නවසීලන්තය කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 360කි.

සෞදි රජු මිය යයි

Published in විදෙස්
Friday, 23 January 2015 11:52

සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල්ලාසිස් රජු මිය ගොස් ඇති බව එරට රාජකීයයන් පවසයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් අය කිරීමේ සිද්ධි බොහෝමයක් වාර්තාවේ. මෙම තත්ත්වයන් වහාම නතර කරන ලෙස නියෝග කරමින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

කංසා සුළු ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අවසර ලබා දෙමින් ජැමෙයිකාවේ කැබිනට් මණ්ඩලය නව පනතක් සම්මත කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද(23) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නැමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව දැනට විදේශගතව සිටින හිටපු පොලිස්පතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඔහු සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට අනාවරණය වී තිබේ.

ජනපති ලේකම් කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ පිහිටි රජයේ ඉඩමකින් සොයාගෙන ඇත.

Connet With Us