ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති ධුරයට පත්වීමෙන් පසුව පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීමද මෙයවේ.
නව රජයේ වැඩපිලිවෙල සහ ඊට සහාය ලබා දීමේ ක්‍රියාවලිය මෙන්ම ඉදිරියේදී පැවැත්විමෙට නියමිත වන මහමැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසන්ධාන වැඩපිලිවෙල සහ ඊට සමගාමීව ආසන සංවිධාන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදි පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිත බවද සදහන්ය.