වෙලේ සුදා සියල්ල වමාරයි

Published in පුවත්
Friday, 23 January 2015 11:15

අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නැමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව දැනට විදේශගතව සිටින හිටපු පොලිස්පතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඔහු සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට අනාවරණය වී තිබේ.

වෙලේ සුදා විසින් මෙරටට ඒවා තිබෙන හෙරොයින් සෘජුවම භාරගෙන තිබෙන්නේ මරදාන සහ කොට්ටාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද හෙළි වී ඇති අතර මරදාන ප්‍රදේශයේ පදිංචිකරු මේ වනවිට මැලේසියාවට ගොස් සිටියි.

මෙම පිරිසට අමතරව වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට කොළඹ ප්‍රදේශයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද සම්බන්ධ බවට හෙළිවී තිබේ.
එහිදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගෙන් අවස්ථා ගණනකදී පොලීසිය ප්‍රශ්න කර තිබේ.
පොලිස් නිලධාරීන් හතර දෙනාගෙන් දෙදෙනෙකු උප පොලිස් පරීක්ෂකවරුන් වන අතර අනෙක් නිලධාරියා පොලිස් සැරයන්වරයෙකි.

පොලිස් සැරයන්වරයා සහ උපපොලිස් පරීක්ෂකවරයෙකු මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටින අතර, එයට හේතුවී තිබෙන්නේ මීට පෙර මෙම පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වීම නිසාය.

වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නැමැත්තා විසින් හෙළිකරන තොරතුරුවලට අනුව නම් හෙළිවී තිබෙන පුද්ගලයන් 06 දෙනා පිළිබඳව ඔවුන් සමග සමීප සම්බන්ධකම් පවත්වන තවත්දෙදෙනෙකුගෙන්ද පොලීසිය මේ වනවිට ප්‍රශ්න කර තිබේ.

වෙලේ සුදා මුදල් හුවමාරු කරගෙන තිබෙන්නේ 'උන්ඩියල්' (විදේශයක සිට කෙනෙකුට මුදල් දුන්විට ඊට සරිලන මුදල් ඔවුන්ගේ මෙරට නියෝජිතයෙකු මගින් ලබාගැනීම) ක්‍රමයට බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us