සිසුන් ඇතුළත් කර ගන්න මුදල් ගත්තොත් නීති තදයි

Published in පුවත්
Friday, 23 January 2015 11:33

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් අය කිරීමේ සිද්ධි බොහෝමයක් වාර්තාවේ. මෙම තත්ත්වයන් වහාම නතර කරන ලෙස නියෝග කරමින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

ලබන 26 වනදා එම චක‍්‍රලේඛය සියලූම පාසල් වල විදුහල්පතිවරුන් වෙත යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කලේය. විදුහල්පතිවරුන් දෙමව්පියන්ගෙන් නිරන්තරයෙන් මුදල් ඉල්ලීම පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇති බවද අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.

එවැනි තත්ත්වයන් මැඩ පැවැත්වීමට පසුගිය රජය නිසි පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් එය බරපතල කාරණයක් බවට පත්ව ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. එමෙන්ම අදාල චක‍්‍රලේඛය නිකුත් කිරීමෙන් අනතුරුව දෙමව්පියන් සමග කිසිඳු මූල්‍යමය ගණුදෙණුවක් සිදු කළ නොහැකි බවත්, එවැනි තත්ත්වයක් වාර්තා වුවහොත් බරපතල සිද්ධියක් සේ සලකා නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර සියලූම ජාතික පාසල්වල පාසල් පැවැත්වෙන කාල සීමාව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා බව අධ්‍යාපන අමාත්‍යාංශය නැවතත් නිවේදනය කළේය. සමාජ දේශගුණික වැනි විවිධ තත්ත්වයන් පිළිබඳ සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කලේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us