නලින් ද සිල්වා ඉල්ලා අස්වෙයි

Published in පුවත්
Friday, 23 January 2015 11:50

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි.

2014 ජූනි 30 වන දින දරණ CSA/7/4/1 අංකය සහිත ලිපියෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තමා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ලබා දුන් පත්වීම තමා ඉතා ගෞරවයෙන් යුතුව බාරගත් බවත්, මාස 6ක පමණ කාලයක් පුරා තමාගේ හැකියාවන් යොදා ගනිමින් නිදහස් අධ්‍යාපනය රැකගැනීමට , දියුණු කිරීමට හා දේශීය දැනුමට නිසි තැන ලබාදීමට කටයුතු කළ බව නලින්ද සිල්වා මහතා තම ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි මස 09 වන දින දිවුරුම් දුන් අවස්ථාවේදී තත්ත්වයෙහි වෙනසක් සිදුවූ බැවින් තමාගේ ගෞරවය රැකගනිමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකත්වයක් දැරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත්,එබැවින් තමන් සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවත්, ඒ හේතුවෙන් යම් අපහසුවක් වීනම් ඒ පිළිබඳ තමන් කනගාටුවන බවත් නලින්ද සිල්වා මහතා ස්වකීය ලිපියෙන් අවධාරණය කරයි.


ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේවන විට ජනාධිපති ලේකම්වරයාට යොමුකර තිබේ.


එම ලිපියේ පිටපත් උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාටත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනියටත් යොමු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us