ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු අඩු කිරීම සම්බන්ධව ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු ශිෂ්‍යයන් ආරම්භ කළ සත්‍යග‍්‍රහය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව ඔහු කියා සිටියේය.
විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් අය කරන වාරික ගාස්තුව ඉහළ යාම ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය දෙසැම්බර් 17 වැනිදා විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සත්‍යග‍්‍රහයක් ආරම්භ කළහ. අදට එම සත්‍යග‍්‍රහයට දින 37 කි.
මේ අතර, කළමණාකරණ උපාධිය මුදලට විකිණීමට උත්සාහ කරන බව පවසමින් රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ (22)දහවල් එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ඉදිරිපිට විරෝධතාවක නිරත වුයේය.