මහරගම පිළිකා රෝහල එම නමින් හැඳින්වීම රෝගීන්ගේ මානසිකත්වයට එතරම් සුදුසු නොවන කාරණයක් බව මීට ඉහතදී ද යෝජනා වූ කාරණයකි.
මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ බළධාරීන් නිගමනය කර ඇත්තේ එම නාමය වෙනුවට වෙනත් නාමයක් කඩිනමින් ආදේශ කළ යුතු බවයි.
පිළිකා රෝහල යන්න ඇසූ සැණින් එය සුව කිරීමට අපහසු රෝගයක් බවටත් එවැනි රෝගීන් රැස් කරන ස්ථානයක් බවටත් ආදී වශයෙන් අයහපත් ආකල්පයක් ගොඩනැගීම එතරම් සුදුසු නොවන බව විශේෂඥ නිගමනයවී ඇත.
එබැවින් පිළිකා රෝගීන් එම ස්ථානයට පැමිණීම වඩාත් යෝග්‍ය තීරණයක් බව පැවසෙන ආකාරයේ නාමයක් ආදේශ කළ යුතු බවට මේ වන විට තීරණය වී ඇත.