රුසියානු සමාජවාදී විප්ලවයට නායකත්වය ලබා දුන් වී.අයි.ලෙනින් සැමරීම වෙනුවෙන් කොළඹ ඊයේ (22) පැවති සමරු උත්සවයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉහත අදහස් පළ කළේය.
එම පෙරමුණ පෙන්වා දෙන්නේ වර්තමානයේ සිදුවී ඇති දේශපාලන වෙනස ගුණාත්මක වෙනසක් ලෙස පිළිගත නොහැකි බවයි. ඒ බව බොහෝ පාර්ශ්වයන් දින කිහිපයක් තුළදීම තේරුම් ගෙන ඇති බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මේ පවතින්නේත් පැරණි ක්‍රමයම නොවේද යන්න බොහෝදෙනා විමසන බවත් මේ වන විට සිදුවන්නේ නිල්පාටින් කළ වැරදි කොළ පාටින් කරනවාද, නිල්පාට කොළ පාට එකතුවී කරනවාද ,යනුවෙන් විමසන බවත් ඔහු පැවසුවේය.
එබැවින් සැබෑ ගුණාත්මක සමාජ පරිවර්තනයක් උදා කර ගැනීම සදහා සියලු දෙනාම එකට එක්ව පෙරමුණ ගත යුතු බව ඔහු පැවසුවේය.