subash

subash

ඉන්ධන සඳහා මිල සූත්‍රයක්‌ හඳුන්වාදී විවෘත විනිවිද බවින් යුක්‌තව මිල ක්‍රමය පවත්වාගෙන යන බවත් විදුලි බිලටද ජුනි මාසයේ සිට නව ක්‍රමයක්‌ හඳුන්වාදී අඩු ආදායම්ලාභීන්ට සහන සලසන බවත් විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවක මහතා පැවැසීය.

ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා කටාර් එයාර්වේස්‌ යානයකින් කටුනායක ගුවන්තොටුපළින් ඊයේ (22 වැනිදා) අලුයම 3.35 ට පමණ පිටව ගොස්‌ තිබේ.

Miss Universe National Costume Show

Published in අනං මනං
Friday, 23 January 2015 14:34

මේ දිනවල විශ්ව රූ රැජිණ තරඟයට අදාළ මුලික තරඟ ඇමරිකාවේ පැවැත්වෙනවා.

ක්‍රීඩාව කාපු පට්ට හොරු ඇමැති නවීන්වත් අන්දවයි මැයෙන් ඊයේ දිනයේ පළකෙරුණු පුවතකින් රිදුණු පිරිසක් ඉතා පහත් අන්දමින් ෆේස් බුක් හරහා ප්‍රතිචාර දක්වා තිබුණි. ශ්‍රී ලංකාව තුළ බොහෝ ක්‍රීඩා සංගම් ක්‍රියාත්මක වන්නේ ඒවායේ නිලධාරීගේ පෞද්ගලික ව්‍යාපෘති ලෙසට බව රහසක් නොවේ.

මැතිවරණ දින රාත්‍රියේ බලය ඇල්ලීමට කිසියම් කුමන්ත්‍රණයක් දියත්කළ බවට වන චෝදනා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගෙන් ප්‍රශ්න කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය ආයතනවලට මාධ්‍ය වෙළඳ දැන්වීම් පලකිරීම තහනම් කොට ඇත. එම තීරණය ඉතාම හොඳ එකක් ලෙස ඇගයීමට ලක්වී තිබේ. නමුත් එම තීරණය නිසා පුද්ගලික මාධ්‍ය ආයතන විශාල මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති බව එම ආයතනවල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිති.

පෙබරවාරි 01 වනදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීම සහ ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නවතා දමන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.

පසුගිය පාලන සමයේ සිදුවූ අභිරහස් සිදුවීම් පිළිබඳව පවතින සාක්ෂි ඉවත් කිරීමේ සංවිධානාත්මක මෙහෙයුමක් පවතින බව වාර්තාවේ.

ඊයේ හා පෙරේදා දිනවල කොළඹ නිළ නිවසක ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු යම් සාකච්ඡාවක නිරතව සිටි බව අප වෙත වාර්තාවේ. එම පිරිස අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහල නිලයන් දරණ වැඩි පිරිසක් සිටි බවත් එම කණ්ඩායම මෙම දින දෙකේදීම අදාල සාකච්ඡාවට සහභාගී වී ඇති බවත් දැන ගැනීමට තිබේ.

සමාජ පරිවර්තනයක් සඳහා රට තුළ කැපී පෙනෙන වෙනසක් සිදුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Connet With Us