ගුවන් තොටුපළ හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය රටින් පනී

Published in පුවත්
Friday, 23 January 2015 15:31

ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා කටාර් එයාර්වේස්‌ යානයකින් කටුනායක ගුවන්තොටුපළින් ඊයේ (22 වැනිදා) අලුයම 3.35 ට පමණ පිටව ගොස්‌ තිබේ.

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට සහ ඔහුගේ බිරිඳට කටුනායක වී. අයි. පී. මැදිරියෙන් විදේශ ගතවීමට නීත්‍යානුකූල නොවන අයුරින් අවසරදීමට හිටපු ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා කටයුතු කර ඇති නිසා ඔහු විදේශගතවීම වළක්‌වන ලෙසට වෘත්තිය සමිති ඉල්ලා තිබිණි.

එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් චෝදනා පත්‍ර ගොනු කර නොමැති නිසා හිටපු සභාපතිවරයාට මෙරටින් පිටව යැමට අවසර ලැබී තිබේ.

කටාර් එයාර්වේස්‌ යානයෙන් මෙරටින් පිට වූ හිටපු සභාපතිවරයා ඇමරිකාවට යනු ඇතැයි කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකයෙක්‌ ට පැවසීය. ප්‍රසන්න වික්‍රමසූරිය මහතා මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදරයාවේ.

බැසිල්ව VIP පාරෙන් හොරෙන් පැන්නූ, ප්‍රසන්නව අත්අඩංගුවට ගතයුතුයි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us