බැසිල්ව VIP පාරෙන් හොරෙන් පැන්නූ, ප්‍රසන්නව අත්අඩංගුවට ගතයුතුයි

Published in පුවත්
Sunday, 18 January 2015 20:40

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිඳවන පුෂ්පා රාජපක්ෂට මහත්මියට මෙරටින් පිටවීම සඳහා ක‍ටුනායක ගුවන්තො‍ටුපොළේ ප්‍රභූ(VIP) මඟී පර්යන්තය යොදා ගැනීමට නීති විරෝධිලෙස කටයුතු කළ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාව වහා අත් අඩංගුවට ගත යුතු බව ගුවන් තො‍ටුපොළ සේවකයෝ පවසති.

ගුවන් මඟියකුට ගුවන් තො‍ටුපොළ ප්‍රභූ මඟී පර්යන්තය යොදා ගත හැක්කේ විදේශ අමාත්‍යංශයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පමණකි. සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාට එවැනි අනුමැතියක් වත්මන් පාලනය මඟින් ලබා දී නොතිබුණි.

එහෙත් ප්‍රසන්න වික්‍රමසූරිය මහතා බැසිල් රාජපක්ෂ මහතාට රටින් පිට වීම වෙනුවෙන් 11 වෙනිදා පාන්දර 1.00 ට පමණ ප්‍රභූ මඟී මැදිරියට ගෙන්වාගෙන ඇති අතර ඒ මොහොතේ එහි රාජකාරී කළමනාකරුවා ලෙස කටයුතු කළ නිළධාරියාට අණකර ඇත්තේ බැසිල් රාජපක්ෂව VIP පර්යන්තයේ A7 දොර‍ටුවෙන් ගෙන ගොස් EK 349 අංක දරණ ගුවන් යානයට නංවන ලෙසය.

මේ වෙනුවෙන් VIP පර්යන්ත අධිකාරිවරු ලෙස කටයුතු කළ විජේනායක හා කුමරතුංග යන නිළධාරීන් ද මේ සඳහා සහය දී තිබේ.

මෙලෙස නිළධාරියකුට කටයුතු කරන්නට ඉඩ ලබා දුනහොත් ඕනෑම ජාත්‍යන්තර අපරාධකරුවකුට හෝ මෙරටට පහසුවෙන් යාම් ඊම් කළ හැකි වනු ඇත. මෙය රටේ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා හා ඊට සහය දැක්වූ නිළධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ගුවත් තොතුපොළ සේවකයෝ පවසති.

ප්‍රසන්න වික්‍රමසූරිය යනු බැසිල් රාජපක්ෂගේ ඥාති සහෝදරයා ද වේ. ඔහුගේ සහෝදරයා වන ජාලිය වික්‍රමසූරිය අමරිකාවේ තානපතිවරයා වන අතර  අනෙක් සහෝදරිය වන අනෝමා ලෆීර්  මහින්ද රාජපක්ෂගේ රහස්‍ය ලේකම්වරිය  ලෙස කටයුතු කළ අතර ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂතනතුරක් ලැබ විශාල වැ‍ටුපකටද හිමිකම් කීවාය.

 

 

 

basil-vip

Last modified on Sunday, 18 January 2015 21:30

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us