එම කන්ටේනර් තුළ ඇත්දළ ඇතුළු පෞරාණික කෞතුක භාණ්ඩ , ඇඳුම්, ලී බඩු හා විවිධ සිහිවටන ඇතුළු ද්‍රව්‍ය රැසක් තිබුණ බවත්, කන්ටේනර් රැගෙන ආ නිලධාරින්ගෙන් කරනු ලැබූ ප්‍රශ්ණ කිරිම්වලදි පවසා ඇත්තේ අරලියගහ මැදුරේ තිබු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ එම පවුලේ සාමාජිකයන්ට අයත් පුද්ගලික දේපල එහි තිබෙන බවයි.
මෙම කන්ටේනර් 2 ක මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ කන්ටේනර් අංගනයේදීය.
මෙම කන්ටේනර් අංගනයේ සේවකයන් පොලීසියට පවසා ඇත්තේ මෙම කන්ටේනර් 2 ක එම භූමිභාගයට රැගෙන එන ලද්දේ ජනවාරි 09 වෙනිදා මධ්‍යම රාත්‍රියේ බවයි. පෑලියගොඩ පොලීසියට ඒ පිළිබඳව ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.