උතුරුමැද මහ ඇමැති ධුරය ළඟදීම හිටපු ඇමැති පේෂලට

Published in පුවත්
Monday, 19 January 2015 07:31

උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති ධුරයෙහි වෙනසක්‌ ඉදිරි දිනවලදී ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව එම පළාත් සභාවේ ආරංචිමාර්ග කියයි.

උතුරුමැද පළාත් සභාවේ වත්මන් මහ ඇමැති එස්‌. එම්. රංජිත් සමරකෝන් මහතා වෙනුවට පළාත් සභාවේ මන්ත්‍රී හා හිටපු සමුපකාර හා ආහාර ඇමැති පේෂල ජයරත්න (එජනිස) මහතා උතුරුමැද මහ ඇමැතිවරයා ලෙස පත් කරගැනීමට එජනිස පළාත් සභා මන්ත්‍රීවරුන් බහුතරයක්‌ කැමැත්ත පළකොට ඇතැයි එම පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවැසීය.

ඉකුත් සෙනසුරාදා (17 දා) පෙරවරුවේ අනුරාධපුරයේදී රැස්‌වූ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී කණ්‌ඩායමේ රැස්‌වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

උතුරුමැද පළාත් සභාවේ වත්මන් මහ ඇමැති ධුරය හොබවන එස්‌. එම්. රංජිත් සමරකෝන් මහතා බහුතර මන්ත්‍රී මතයට හිස නමමින් ස්‌ව කැමැත්තෙන්ම මහ ඇමැති ධුරයෙන් ඉවත් වීමට කැමැති බව මෙම රැස්‌වීමේදී දැනුම් දුන් බවද එම ඇමැතිවරයා කීය.

මේ අතර උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය, මේ මස 27 වැනිදාට පෙර එම පළාත් සභාවේ හිටපු ආහාර සමුපකාර හා වෙළඳ ඇමැති පේෂල බණ්‌ඩාර ජයරත්න මහතාට හිමිවීමට ඉඩ ඇති බවට එහි ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ පැවසූහ.

ප්‍රධාන අමාත්‍ය ධුරය තමා වෙත නතුකර ගැනීම සඳහා පේෂල බණ්‌ඩාර ජයරත්න මහතා සහ පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වට කීපයක්‌ පවත්වා තිබේ.

මහ ඇමැති ධුරය අනුරාධපුරයෙන් පොළොන්නරුවට මාරු වුවද උතුරුමැද පළාත් සභාවේ දැනට සිටින ඇමැති මණ්‌ඩලයේ වෙනසක්‌ සිදු නොවනු ඇතැයිද දැනගන්නට තිබේ.


divaina

Last modified on Monday, 19 January 2015 07:33

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us