වුෂු ක්‍රීඩාව සම්බන්ධයෙන් ද තත්වය එසේ ම ය. ක්‍රීඩා පුවත් වාර්තාකාරියක් වශයෙන් ඔවුන්ගේ ක්‍රියාවන් මා හෙළිදරව් කළේ අද ඊයේක සිට නොවේ. වසර ගණනක් පුරාවට පිළිතුරු නොලද චෝදනා බොහෝ ප්‍රමාණයක් අප සතුව ඇත. පිළිතුරු දීම ඔවුන්ගේ අයිතියකි. එය කළ යුතුව තිබුණේ ඔහු මෙතෙක් කළක් ප්‍රගුණ කළායැයි කියන ක්‍රීඩාවට හෝ අදාල සංයමය සහිතව ය.
මානෙල් හෝ ඔහුගේ ගෝලයින් සටන් කලාවට අදාල අතපය වැනවීම් හැරුණු කොට ඊට එහා කිසිවක් ඔවුන් ඒ සඳහා වැය කළ ජීවිත කාලය තුළ උපයාගෙන නොමැති බව ඊයේ දිනයේ නැවතත් ඔප්පු කර ඇත.
ගැහැණියකට පහර දීමට ඇති පහසුම ක්‍රමය ලෙස නින්දාසහගත මඩ අවලාදයක් නැඟීම හැර වෙනත් යමක් කරකියාගැනීමට නොහැකි තැනකට ඇදවැටී ඇති ක්‍රීඩා සංගම් නිලධාරියා පසුගිය වසර පහළවක් පුරා කළ කෙරුවාව ඒ හරහා ම තේරුම් ගැනීමට පහසුය.
අප වෙබ් අඩවිය හරහා පළවූ පුවතකට ප්‍රතිචාර ලෙස මුඩුක්කු කතා, වෛශ්‍යා වෘත්තිය සහ 'බෙඩ් රගර්' දක්වා පල්ලම් බහිනා මානෙල් වැන්නවුන්ට හෝ ඊට එහා ලොක්කන්ට වුව හෙට දවසේ ද ක්‍රීඩව විකුණා කන්නට ඉඩ දී නිහඬව සිටීමට අප සූදානම් නැත.
ඔබලාගේ ප්‍රතිචාර වූෂු ක්‍රීඩාවට තබා අවම පිරිමි කමට ද ලැජ්ජාවකි.