ක්‍රීඩාව කාපු පට්ට හොරු ඇමැති නවීන්වත් අන්දවයි

Published in පුවත්
Thursday, 22 January 2015 15:06

මෙරට ක්‍රීඩාව විකුණාගෙන කෑ නොම්මර එකේ හොර තක්කඩියන් වූ ක්‍රීඩා සංගම් නිලධාරීන් ‍රැසක් මේවන විට ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාව ගොනාට අන්දමින් සිටින බව වාර්තාවේ.

මෙරට කිසිදු ක්‍රීඩා ඇමැතිවරයකුට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකර මෙරට ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ඉඩ කඩ ලබා නොදෙන මෙම ක්‍රීඩා සංගම් මා‍ෆියාව සෑම විටම සිදුකරනු ලැබුවේ අලුතෙන් පත්වන ක්‍රීඩා ඇමැතිවරයා හා එම නිළධාරීන්ට අල්ලස් වරදාන ලබා දී තමන්ට ඕනෑ හැටියට නැටවීමය.

තවමත් මෙරටට නිශ්චිත නිවැරදි ක්‍රීඩා ප්‍රඥප්තියක් බිහිකර ගැනීමට නොහැකි වී ඇත්තේද මේ මා‍ෆියාවට අවශ්‍ය ලෙස අමාත්‍යාංශවල නිලධාරීන් කටයුතු කරමින් සිටීම නිසාය.

මේ සමඟ වන ඡායාරූපයේ ඇමැති නවීන් දිසානායක මහතා සමඟ සිටින්නේ මෙරට වුෂූ ක්‍රීඩාව විවිධ සටපකටකම් වලින් වසර 15කටත් වඩා වැඩි කාලයක් තිස්සෙ තමන්ගේ පෞද්ගලික බූදලයක් කරගෙන එය විනාශකරමින් සිටින ශ්‍රී ලංකා වුෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකිර්ති හා ඔහුගේ ගෝලබාලයන් කිහිප දෙනෙකි.

අඩුම තරමින් ක්‍රීඩා ඇමැතිවරයාට මෙම මානෙල් ධර්මකීර්ති ගේ දහං ගැට වලින් බේරීමට හැකියාවක් තිබුණොත් ඔහුට මෙරට ක්‍රීඩාව වෙනුවෙන් යමක් කළ හැකිවනු ඇතැයි අපගේ විශ්වාසයයි.

naween

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us