මංගල වටේ හොරු කැරකේ.

Published in පුවත්
Wednesday, 21 January 2015 09:37

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඊයේ විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස වැඩ බාර ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා ඊට අනුබද්ධව පවතින ආයතනවල දූෂණ වංචාවලට සම්බන්ධව පුද්ගලයන් හා එවැනි කරුණු නිසා එම ආයතනවලින් නෙ‍රැපීමට ලක්වූවන් කිහිප දෙනෙකු මංගල සමරවීර මහතා වෙත සුභ පැතුම් පණිවිඩ එවා තිබෙන බව වාර්තා වේ.

මේ අතර පියෝ ටීවී ආයතනයේ ප්‍රධාන විධායකය ලෙස මීට පෙර කාලයක කටයුතු කළ ටි.වීරසූරිය නැමැත්තාද ඊයේ රාත්‍රියේ මංගල සමරවීර මහතා ඇමැතීමට විශාල උත්සහයක් ගෙන තිබේ. මුදල් අක්‍රමිකතාවයක් හේතුවෙන් එම ආයතනයෙන් ඉවත් කරනු ලැබු ඔහු මේවන විට සුප්‍රකට දුරකතන සමාගමක සේවය කරමින් සිටී.

හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණි සෙනරත්ගේ ඥාති සහෝදරයාවූ ශම්මි සෙනරත්ගේ සහයෙන් දේශපාලන බලය උපයෝගී කරගෙන කූට ව්‍යාපාරික කටයුතු කිහිපයක යෙදුනු බවත් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

කෙසේ නමුත් මේ වන විටත් පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී දූෂණ වංචා අක්‍රමිකතාවල යෙදුනු බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකිව තිබෙන පුද්ගලයන් කිසිවකු සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැත. එමෙන්ම එවැනි චෝදනා සහිත පුද්ගලයන් ‍රැසකට නව පාලනය යටතේද රජයේ ඉහළ තනතුරුවලට පත් කිරීම සිදුකර ඇති බවත් වාර්තා වී තිබේ.

එමෙන්ම එවැනි දූෂිතයන් පනස් දෙනෙකු පමණ මේවන විටත් රටින් පිට වී ඇති බවද මාධ්‍ය වර්තා පළව ඇත.

Last modified on Wednesday, 21 January 2015 09:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us