රාජපක්ෂගේ කුණු අපුල්ලපු දිනේෂ් වීරවංශ හැව ඇරලා !

Published in පුවත්
Wednesday, 21 January 2015 15:38

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතම ආධාරකරුවෙකු වන ලේක් හවුස් හි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කතෲ ඇන්ටන් දිනේෂ් ප්‍රනාන්දු, (එසේත් නැතහොත් දිනේෂ් වීරවංශ), ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඔබ්සර්වර් පුවත්පත සහ ඔහුගේ පුද්ගලික ෆේස් බුක් ගිණුම ඔස්සේ ද ප්‍රසිද්ධියේ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටි අයෙකි. එමගින් ඔහු අපේක්ෂා කළේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් ළකුණු දමා ගැනීමයි.

ඔහුගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ නව රජයේ ඇමති මණ්ඩලයේ සිටින බොහොමයක් මහත්වරුන්ට ඉතාමත් පහත් අන්දමින් පිට පිටම මඩ ප්‍රහාර එල්ල කලද මේ වන විට ඒ කිසිත් නොකළ අයුරින් නව රජයට හොඳ මුහුණ පෙන්වමින් සිටින බවක් වාර්තා වේ.

ඔහු පුද්ගලිකවම හිටපු ජනපතිගේ නොලැබුණු ජය වෙනුවෙන් ක්‍රියා කළ නමුත් ප්‍රවීණ මාධ්‍යවේදීන් වන අනෙකුත් කතුවරුන් මැතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත රාජකාරී මට්ටමෙන් ප්‍රහාර එල්ල කළද ඔවුහු කිසිවෙකු ඒ සඳහා තමන්ගේ පුද්ගලික ෆේස් බුක් හෝ Twitter ගිණුම් උපයෝගී කර නොගත්හ.

මේ වන විට ඔහුගේ ෆේස් බුක් ගිණුමේ සිටි දහස් ගණන් මිතුරු මිතුරියන් සියල්ලම පාහේ ඉවත් කර ඇති අතර ඔහු හට පක්ෂපාතී කිහිප දෙනෙකු පමණක් friend list එකේ තිබෙන්නට ඉඩ හැර ඇත.

ඔහු විසින් මැතිවරණ සමයේ පල කල සියලුම පොස්ට්ස් මැතිවරණයට පසු දාම ඉවත් කොට ඇති අතර උසස් පෙළ හැදෑරීම සඳහා ඔහු ඇතුලත් වූ රාජකීය විද්‍යාලය හා සම්බන්ධ ඡායාරූප පමණක් තිබෙන්නට හැර ඇත.

ඔහුගේ FB ගිණුමේ මැතිවරණයට පසුදා සඳහන් කළ පරිදි සන්ඩේ ඔබ්සර්වර් පුවත් පතේ ප්‍රධාන කතෲ ධූරයෙන් ඔහු සමු ගෙන ඇතත් තවමත් එහිම රැඳී සිටින බව ආරංචි මාර්ග පවසයි. තවද ඔහු ඩේලි නිවුස් පුවත් පතේ ක්‍රීඩා කතෲ වන නිසා එම තනතුරු දෙකටම අදාල ලක්ෂ ගණනක වරප්‍රසාද ලබමින් සිටියි.

ඔහුගේ දුර්වල පාලන සමයේදී මෙතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පුවත් පතක් ව පැවති සන්ඩේ ඔබ්සර්වර් හි ආදායම බෙහෙවින් පහළ ගිය ඇති අතර එහි අළෙවිය ද ඉතා දුක්ඛිත තත්වයක පවතින බව පැවසේ. ඔහුගේ කෙණහිළිකම් ඉවසා ගත නොහැකි වූ අහිංසක සේවකයන් කිහිප දෙනෙකුම ඒ හේතුවෙන්ම සේවය හැර ගොස් ඇති අතර ඉතිරි වී ඇති ප්‍රවීණ මාධ්‍යවේදීන් කිසිවෙකුටද ඔහු කිසිදු අන්දමින් නොසැලකූ බවද කියවේ.

 

-lankanewsweb

 

 

 

 

sri lanka no 1 news web site - www.lankadaily.com

 

Last modified on Wednesday, 21 January 2015 16:36

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us