සරසවි නායකත්ව පුහුණුව අහෝසියි !

Published in පුවත්
Wednesday, 21 January 2015 15:26

විශ්වවිද්‍යාල වාර්ෂික ගිණුම් වාර්තා ශිෂ්‍යයින් අතටද ලබා දෙන ලෙසත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබූ විශ්වවිද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන අහෝසි කිරීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ.

තමන් වෙනුවෙන් වෙන්වන මුදල් වැයවන ආකාරය පිළිබඳ දැන ගැනීමට විශ්ව විද්‍යාල සිසුන්ටද අයිතියක් ඇති බැවින් තමා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව මෙම වසරේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ විශ්ව විද්‍යාල ගිණුම් වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව එහි සභාපතිනී මහාචාර්ය කෂාණිකා හිරිඹුරේගම මහත්මිය පවසයි.

ඒ අතර විශ්වවිද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව වෙනුවට වඩාත් ඵලදායි වැඩසටහනක් හඳුන්වා දෙන බවත් විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදිය යුත්තේ ඔවුන්ට අවශ්‍ය දෙය මිස රජයට අවශ්‍ය දෙය නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම මෙම වැඩ සටහන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබීම වරදක් බව කී මහාචාර්ය විජේසිංහ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු සඳහා වෙනත් අමාත්‍යාංශයක සහාය ලැබ ගැනීම වරදක් නොවුවත්, වෙනත් අමාත්‍යංශයකට පවරාදීම වරදක් බවද කියා සිටී.

 

 

-lankatruth

Last modified on Wednesday, 21 January 2015 15:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us