මෛත්‍රීපාලනයේ පවුල්පාලනය දළුලයි

Published in පුවත්
Wednesday, 21 January 2015 14:56
මෙවර පත්කරනු ලැබ සිටින අමාත්‍යාංශයේ ලේකම්වරුන් අතර අඹු සැමියෝ හයදෙනෙක් සිටී.අග‍්‍රාමාත්‍ය ලේකම් සමන්ත ඒකනායකගේ බිරිඳ ඞී.කේ.ආර්. ඒකනායක සමාජ සේවා සුභසාධක හා පාංශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්ව සිටින අතර, පී.එච්.ජේ.බී. සුගතදාස ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද ඔහුගේ බිරිඳ එන්.ඞී. සුගතදාස තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ද පත්ව සිටී.
 
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පතිගේ බිරිඳ එච්.ඞී.එස්. මල්කාන්ති සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද පත්ව සිටී.ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු උපසභාපතිවරයකු වන අනුර විජේපාලද,උපසභාපතිවරයා ලෙස නිහාල් වික‍්‍රමසූරිය ද පත්කරනු ලැබ සිටි.විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම පත්කිරීම් සිදු කර තිබේ.
 
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වූයේ පවුල් පාලනය මේ රට තුළින් අතුගා දමන බව සදහන් කරමිනි.නමුත් මෛත්‍රිපාල රජය යටතේම අඹු සැමියන් විවිධ තනතුරු වලට පත් කර තිබෙන්නේ මෛත්‍රිපාලද ඇස් ,කන් නොඇසෙන අබ්බගාතයෙකු බව සනාත කිරීම සදහා දැයි අපට ගැටළුවක් පවතී .යහපාලනය ,යහපාලනය යනුවෙන් උදේ පටන් මතුරමින් සිටින මෛත්‍රිපාලලා අරින බේගල් වලට රටේ ජනතාව හසු කර ගැනීම නම් ලෙහෙසි පහසු නොවේ.
 
කතා කල යුතු අනෙක් කාරණය වන්නේ පාඨලි චම්පික විසින් මෙම පත්වීම් සිදු කිරීමයි.මෛත්‍රිපාල ජනාධිපති බවට පත්වූදා සිටිම ඔහුට සිදුව ඇත්තේ රූකඩයක් මෙන් නූලෙන් නූලට පාස් වීම පමණි.මක් නිසාද යත් ආණ්ඩුවේ සියළු තීරණ ගනු ලබන්නේ මෛත්‍රිපාල වටේ සිටින අගමැතිවරයා සහ තවත් හෙංචයියන් කිහිප දෙනෙකු නිසාවෙනි.
 
ජනතාව බියවිය යුතු කාරණාවක් පවතී. වසර 10ක් පූරාවටම රට තුළ පැවතියේ පවුල් පාලනයකි.නමුත් එය අවසන්වූ විගස මේ සිදු වන ක්‍රියා පිළිබද අවධානය යොමු කිරීමේදී යළිත් දූෂිත පාලනයක් රට තුළ ඇතිවීමට දැන් නම් බොහෝ විට ඉඩ කඩ  ඇතැයි සැක කළ හැක.
 
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු උපසභාපතිවරයකු වන අනුර විජේපාලද, උපසභාපතිවරයා ලෙස  නිහාල් වික‍්‍රමසූරියද පත්කර තිබේ. මෙයද විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් සිදු කර තිබේ.
 
- lankanewsalert

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us