මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ නිෂ්පාදනය අඩකින් පමණ අඩු වනු ඇතැයි ශ්‍රී ලංකාවේ කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කරයි.

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබේනවා.

බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

කොරෝනා වයිරසය ආශ්‍රිත දරුණු අවදානම තවමත් පහවී නොමැති බැවින් සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම රටවලට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ජූලි මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිතුමා, ප්‍රමුඛ රජය මාධ්‍ය මර්ධනයට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර ඇත.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකසා මාසයක් ඇතුළත් කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා,එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට ඊයේ (06) දැනුම් දුන්නේය.

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ කතා බහට ලක්වෙන උණුසුම් මාතෘකාවක් වෙලා තියෙන්නේ ' බැසිල් රාජපක්ෂ ' නැවත පාර්ලිමේන්තු පැමිණීම ගැනයි.

කොවිඩ් නිසා හැම දේ ම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇති බවඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

සීනි තොග මිල අඩු නොවුණහොත් එළැඹෙන සතියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධව තීරණයක් ගැනීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සදහන් කර තිබෙනවා.

Connet With Us