බැසිල් නැතුව බැරිද? බැසිල් එක්ක බැරිද? Featured

Wednesday, 07 July 2021 12:15

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ කතා බහට ලක්වෙන උණුසුම් මාතෘකාවක් වෙලා තියෙන්නේ ' බැසිල් රාජපක්ෂ ' නැවත පාර්ලිමේන්තු පැමිණීම ගැනයි.

දැන් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක්, නැතිනම් අනාගත අගමැති එහෙමත් නැතිනම් ජනාධිපතිවරයා ලෙස දකින්න අකමැති පිරිසක් බියට පත්වෙලා ඉන්න බවකුත් පෙනෙන්න තිබෙනවා.

මේ අය දොඩවන කතා අතරේ ආණ්ඩුව ෆේල්, අගමැති ෆේල් , ජනාධිපති ෆේල් ඒ නිසා බැසිල්ව ඇතුලට ගන්නවා කියන කතාවට ලොකු ආසාවක් දක්වනවා. මේ කියන්නේ බැසිල් යනු දෙයක් පාස්කර පෙන්වන්න පුළුවන් මිනිහෙක් කියලා දැන හරි නොදැන හරි පිළිගන්න එක.

ඒක කොහොම වුණත් ඇත්තටම මේ වෙනකොට ෆේල් වෙලා තියෙන්නේ ආණ්ඩුවද විපක්ෂයද කියන එක රටේ ජනතාවගෙන් වසන්කරන්න දෙයක් නෑ. වැලේ වැල් නැතුව, කරකියාගන්න දෙයක් නැතිව, අඩුම තරමින් ආණ්ඩුවට විරුද්ධව දේශපාලනික සටන් පාඨයක්වත් නිර්මාණය කරගැනීමට සමත්කමක් විපක්ෂයට නැහැ.
අද ඔවුන්ට සැනසීමට තියෙන එකම දේ, ' ස ෆේල්, ආණ්ඩුව ෆේල් ' කියමින් කාලය ගතකරන්න පුළුවන්කමක්, එහෙම නිදහසක් රටේ තියෙන එක විතරයි.

මේ අය මීට කලින් කළේත් මහින්ද හොරා, බැසිල් හොරා, අරූ හොරා, මූ හොරා කියකිය තමන්ගේ විරුද්ධවාදීන් සියලු දෙනාට මඩ අවලාද ගහන එක. ඒවා විශ්වාස කළ ජනතාවක් 2015 දී වරද්දා ගත්තා. නමුත් ඒ වැරැද්ද ආපහු කරන්න තරම් ජනතාව මුග්ධයෝ නෙවෙයි කියන එක මේ විපක්ෂයට තවම තේරෙන්නේ නැහැ.

යහපාලනය කියලා කරපු ආණ්ඩුව රටට කළ විනාශයේ තරම අපි ඇස් පනා පිටම දැක්කා. අල්ලපු හොරෙකුත් නැතිකොට මේ විපක්ෂයේ කතා තවත් විශ්වාස කරන්නේ සිහි බුද්ධියෙන් හීනයෝ මිස දැනුමක් තේරුමක් ඇති මිනිසුන් නෙවෙයි..
විපක්ෂයේ ස' ෆේල් ප්‍රචාරක මෙහෙයුම පුස්සක් වෙලා ගියෙත් ඒකයි.

හිතුවක්කාර මෝඩ තින්දු තීරණ, ප‍ටු දේශපාලනික පක්ෂපාත තීන්දු තීරණ වෙනුවට වඩාත් නිවැරදී තීන්දුගැනීමට, ගත්ත වැරදි තීන්දුවක් ආපහු හරවා වුණත් නිවැරදි තීන්දුව ගැනීමටත් වත්මන් පාලනය නම්‍යශීලී වෙන නිසා කවුරුවත් ෆේල් වෙන්නේ නැහැ. නිවැරදිම දේ සිදුවෙන කොට රටම පාස් වෙනව මිසක් ෆේල් වෙන්නේ නැහැ.

බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු විදිහට එන්නේ එහෙම ගත්ත නිවැරදි තීන්දුවක් නිසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ, අගමැති මහින්ද රාජපක්ෂගේ දැඩි ඉල්ලීමත්, මැති ඇමැතිවරුන්ගේ, පොදුජන පෙරමුණේ , හැටනම ලක්ෂයක පාක්ෂික ජනතාවගේ ඉල්ලීමත් මේ තීන්දුව පිටුපස තිබෙන සත්‍ය බලවේගයයි.

එතකොට විපක්ෂය කියන විදිහට ආණ්ඩුවට බැසිල් නැතිව බැරිද?

මේක වැරදි ප්‍රශ්නයක් ....

බැසිල් නැතුව බැරි ආණ්ඩුවට නෙවෙයි.. මේ රටටයි, මේ රටේ ජනතාවටයි.

බැසිල් රාජපක්ෂ යනු, 2005 වසරේ මහින්ද රාජපක්ෂට රට භාර කළ මෙහෙයුමේ මහ මොළකරුවායි. යුද්ධයෙන් පසුවත් රට ගොඩනගන මහා සංවර්ධන මෙහෙයුමේ නියමුවා වූණේ ඔහුයි. අවාසනාවකට 2015 දී මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වූවත් යළි බලය අත්පත්කර ගන්නා බව සපතකර 2019 එය සිදුකර පෙන්වූ දේශපාලනික මහ මොළකරුවාත් ඔහුයි.

රටම එක මිටට සංවිධානය කළ දේශපාලන සැලසුම්කරුවා ඔහුයි. ඔහු දාම් ලෑල්ලේ ඉත්තන් එහෙ මෙහෙ කරනවා සේ ජයග්‍රහණය දක්වා සියල්ල අවශ්‍ය ලෙස ස්ථාන ගත කළා.

මේ නිසා අද රටම බුක්ති විඳින ජයග්‍රහණයේ නියමු මෙහෙවරක් කළ මේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය තවදුරටත් තිරෙන් පිටුපස සිටිය යුතු නැහැ.

මේ තණතිල්ල තැනුවේ ඔහුයි. එහි පන්දුව හැසිරෙන්නෙ කොහොමද කියා හොඳටම දන්නේ ඔහුයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, 'සෞභාග්‍යයේ දැක්ම' මඟින් ඉදිරිපත්කර තිබෙන තිරසාර සංවර්ධන වැඩපිළිවෙළ මේ මහපොළවේ යථාර්ථයක් කිරීමේ සක්‍රීය මෙහෙයුම් වගකීමට, උරදිය යුතු සුදුස්සා ඔහුයි.. ආයේ ඒකේ දෙකක් නෑ...

ඉතින් මේ මනුස්සයාව තවදුරටත් එළියෙ තබා සෙල්ලම් කරනවාට වඩා ඔහුව පිටියට කැඳවීමට මේ ගත් තීරණය වැරැදි වෙන්නේ කොහොම ද?

සමහරු කියන්න අරගෙන තියෙනවා ස ෆේල් නිසා තමයි බැසිල්ව ගේන්නේ කියලා... ඒකත් ලොකු වැරදීමක්. සැබෑ නායකයෙක් කියන්නේ සියල්ල බදාගෙන තමුන්ම පමණක් තීරණ අරගෙන තනියෙම වැඩ කරන එකා නෙවෙයි. අවශ්‍ය දේට ගැලපෙන මිනිහා හරියට තෝරගෙන ඒ මිනිහාගේ දක්ෂතාවය හැකියාව ප්‍රයෝජනයට අරගෙන වැඩ ගොඩදාගැනීමට තියෙන හැකියාව සැබෑ නායකත්ව ගුණයක්. ගෝඨාභය කියන්නේ එහෙම නායකයෙක්. ඒ නායකත්ව ගුණය පෙන්වමින් සිටින නායකයෙක්. ඒක ෆේල් වැඩක් කියලා කවුරු හරි හිතනවා නම් ඒක මුග්ධකමක් සහ ඉරිසියාවක්. ගෝඨාභය ෆේල් වෙනම් බලන් ඉන්න අයට බැසිල් එන එක දැන් දරාගන්න බෑ ඒකයි මෙතන තියෙන ඇත්ත කතාව.

අද 'බැසිල් නැතුව ආණ්ඩුවට බැරිද ? ' කියා කෝචොක් කරන විපක්ෂයේ අය.. ' අනේ අපිට බැසිල් එක්ක බෑ... අපි ඉවරෝයි..' කියමින් නහයෙන් අඬන දවසත් වැඩි ඈතක නෙවෙයි කියන එකත් පැහැදිලියි.

ඉතිං විපක්ෂය බයෙන් සලිත වී ඇත්තේ මේ නිසයි.

ඒත් ඔවුන්ගේ නන්දෙඩවීම් අපි කාටවත් වැඩකට ඇති දේ නම් නෙවෙයි.

- the novemberist

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us