මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක් පිලිස්සුම් තුවාල සහිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේනවා.

ද කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) අලුයම අභාවප්‍රාප්ත වී තිබේන බව වාර්තා වෙනවා.

රාජා මහේන්ද්‍රන්ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ අයෙකි.

විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා ඇරඹීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ආරාධනා කිරීමට සූදානම් වෙයි.

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට මේ වන විට සකස් කෙරෙමින් පවතින බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ගුරු සංගම් වෙත දැනුම් දී තිබේ.

 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් සහ ජාවාරම්කාරියකගෙන් කප්පම් මුදල් ගත් යුද හමුදා සොල්දාදුවන් තිදෙනකු පොලිසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී දැරියක් පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ තවත් ලිංගික අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට පත්ව තිබේ.

ගොවීන් විසින් කාබනික පොහොර යොදා කරනු ලබන නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ‘සතොස ඕගනික් සුපර් මාකට්’ නමින් සෑම නගරයකම සුපිරි වෙළෙඳසල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (21දා) පවසා ඇත.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද (22) අලුයම 05.30ට පමණ බීජිං නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින්මෙරටට රැගෙන විත් තිබේනවා.

Connet With Us