ගුරු වැටුප් විෂමතා ඉවත් කරන කැබිනට් පත්‍රිකාව සඳුදා කැබිනට්ටුවට

Published in පුවත්
Friday, 23 July 2021 12:14

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට මේ වන විට සකස් කෙරෙමින් පවතින බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ගුරු සංගම් වෙත දැනුම් දී තිබේ.

 

ඒ අනුව මේ කැබිනට් පත්‍රිකාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් අඟහරුවාදා පෙරවරු 11. 00ට ගුරු සංගම් නියෝජිතයන් නැවත වරක් ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමටත් නියමිතය. උසස් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ ගුරු සංගම් නියෝජිතයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ ඊයේ (22) පැවැත් වූ සාකච්ඡාවට දුරකතනයෙන් සම්බන්ධ වෙමිනි.

එමෙන්ම සිකුරාදා (30) දිනට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලැබී තිබෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා දිනමිණට ඊයේ (22) පැවසීය.

මේ සාකච්ඡාවට අධ්‍යාපන ඇමැතිවරයා, මුදල් අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වැටුප් කොමිසමේ නිලධාරීන් සහභාගි වීමට නියමිත බවද කීය.

ගුරු සේවාව සංවෘත සේවාවක් බවට පත් කරමින් වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ඉදිරිපත් කරමින් 2020 වසරේ පෙබරවාරි 14 දා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගුරු හා විදුහල්පති සංගම් සන්දේශයක් භාර දී වසර එකහමාරක් ගත වුවද එයට පිළිතුරු ලිපියක් හෝ නොලැබුණු බවද, උද්ඝෝෂණ පෙළපාළියක් මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට ගුරුවරුන්ට ඊයේ (22) සිදු වූයේ ඒ නිසා බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. කෙසේ වෙතත් තම ඉල්ලීම් ලැබෙන තෙක් ඔන්ලයින් වර්ජනය ක්‍රියාත්මක බවද හෙතෙම සඳහන් කළේය.

දිනමිණ

Last modified on Friday, 23 July 2021 12:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us