රනිල්ගෙන් විපක්ෂයට ටියුෂන්

Published in පුවත්
Friday, 23 July 2021 12:22

විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා ඇරඹීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ආරාධනා කිරීමට සූදානම් වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ තීරණය ගෙන ඇත්තේ සමඟි ජන බලවේගය බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඡන්ද විශාල සංඛ්‍යාවකින් පරාජයට පත්වීමත් සමඟය.

ගම් මට්ටමින් දේශපාලන වශයෙන් වැටී සිටි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් බලශක්ති ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සම්මත වීම නිසා යම් ගැම්මක් ගෙන ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක්ම රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කරුණු දක්වා තිබේ.

ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ශක්තියක් ඇති බව පෙන්වීමටද එමඟින් අවස්ථාව උදාවී ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල නොවන මට්ටමින් සාකච්ඡා කළ එම මන්ත්‍රීවරුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us