යුද හමුදා කප්පම් කල්ලියක් අල්ලයි Featured

Published in පුවත්
Friday, 23 July 2021 12:09

 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් සහ ජාවාරම්කාරියකගෙන් කප්පම් මුදල් ගත් යුද හමුදා සොල්දාදුවන් තිදෙනකු පොලිසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.

 

හලාවත නගරයේ මත්ද්‍රව්‍ය විකුණන කාන්තාවක වෙත පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම මත්ද්‍රව්‍ය ජවාරම දිගටම කර ගෙන යෑමට අවශ්‍ය නම් රුපියල් 15,000ක මුදලක් දෙන ලෙස දන්වා තිබේ. පසුව එම කාන්තාව විසින් පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුව එම කප්පම් මුදල දෙන අවස්ථ­ාවේදීම මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සීදූව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයකුගේ නිවෙසට පැමිණි පුද්ගලයකු විසින් රුපියල් 80,000ක මුදලක් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කර ගෙන යෑමට කප්පම් ලෙස ඉල්ලා තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් එම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුද යුද හමුදා සෙබළකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත සහ මීගමුව අධිකරණ වෙත ඊයේ (22) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මේ පුද්ගලයන් තිදෙනා සම්බන්ධයෙන් වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් කරන බවත් ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පොලිසිය වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us