බදියුදීන්ගේ බිරිඳව රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර !

Published in පුවත්
Sunday, 25 July 2021 20:31

මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක් පිලිස්සුම් තුවාල සහිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.


ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ගිනි තබා ගත්තේ යැයි කියන දැරිය එම නිවසට රැගෙනවිත් භාරදුන් තැරැව්කරු ද සැකකරුවන් අතර සිටී.

ඔහු එම දැරියට අමතරව තවත් තරුණියක් හා බාලවයස්කාර දැරියන් 10 දෙනෙකු රිෂාඩ් බදියුදීන් මහතාගේ පවුලේ ඥාතීන්ට මෙහෙකාර සේවයේ යෙදීම සඳහා මීට පෙර රැගෙනවිත් භාර දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනීද සිල්වා මහත්මිය හමුවේ කියා සිටියේය.

මියගිය දැරියගේ මව තැරැව්කරුගෙන් ලබාගත් රුපියල් 30,000ක ණය මුදලක් හිලව්වීම සඳහා දැරියව රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට රැගෙනවිත් භාර දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

ඔහු අධිකරණයට දැනුම් දුන්නේ දැරියගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් මිනිස් ඝාතනයක් ද යන්න අනාවරණ කර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් දීර්ඝ ලෙස විමර්ශන සිදුකරමින් සිටින බවය.

ආර්ථික අපහසුතාවලින් පෙලෙන ඈත එපිට වතු ගම්මානවල ජීවත්වන දුප්පත් පවුල්වල දරුවන් කොළඹ ධනපති පන්තියේ නිවාසවල මෙහෙකාර සේවයේ යෙදවීම සංවිධානාත්මක මිනිස් ජාවාරමක් බවට පත්වී ඇතැයි ද දිලීප පිරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එවැනි අපරාධ මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන අයෙකුගේ නිවසේම අපරාධ සිදුවීම ඉතා අවාසනාවන්ත කරුණක් වන්නේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරුවන් සිව්දෙනා  උදෑසන සිට තවත් පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංජනා නෙරංජනී සිල්වා මහත්මිය එහිදී පොලීසියට අවසර ලබා දුන්නාය.

ප්‍රශ්නගත නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියක මීට පෙර දූෂණය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ ඥාති සොහොයුරෙකුද ඒ අතර සිටී.

සැකකරුවන් සිව්දෙනා ලබන 26 වැනිදා පෙරවරු 10.00 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

-සිරස

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us