ගොවි ජනතාවට ප්‍රතිලාභ රැසක් !

Published in පුවත්
Monday, 26 July 2021 11:51

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ඉඩම් හිමි ගොවීන් හා අඳ ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම් පතක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ.

මෙම ගොවි හැඳුනුම්පත් ලබාදීම 1971 වසරේ ආරම්භ වුවද එම වැඩපිළිවෙළ මේ වන විට අකර්මන්‍ය වී තිබේ. එම හේතුවෙන් ගොවියාගේ අනන්‍යතාව තහවුරු කිරීමට ලියවිල්ලක් නොමැති වීම, වගා ණය ලබාදීමේදී අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වීම ඇතුළු ගැටලු රැසක් මතුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කුඹුරු නොවන ඉඩම් පිළිබඳ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කර ඉඩම් හිමියන් හා භුක්තිකරුවන් සඳහා ද දෙවන අදියරේදී ගොවි හැඳුනුම්පතක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
හැඳුනුම්පත් නිකුත් කිරීමෙන් ගොවි ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමි වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us