මියගිය දැරියගේ පැමිණිල්ල අද කැඳවයි ! දැරියගේ දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට !

Published in පුවත්
Monday, 26 July 2021 12:15

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක්වී මියගිය 16 හැවිරිදි දැරියගේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද (26) පස්වරු 1.30ට කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේන බව වාර්තා වෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවූ අතර එම අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබු අතර අනතුරුව මෙම පැමිණිල්ල දහවල් 1.30 කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මහතාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සොහොයුරා සහ අදාළ දැරිය රැගෙනවිත් භාරදී ඇති තැරැව්කරු මේ වනවිට පොලිසිය භාරයේ පසුවේ.

මේ අතර මියගිය දැරියගේ දෙමව්පියන් අද දින මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තම දියණියගේ මරණය සක සහිත බවත් ,මේ පිළිබදව සාධාරණයක් ඉෂ්ඨකරන ලෙස එම පැමිණිල්ලේ සදහන් .

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us