මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ සදහන් කරේ ඇතැම් කර්මාන්තකරුවන් දිගින් දිගටම වගකීම් රහිතව කටයුතු කිරීම නිසා වෙළෙඳ පොළේ තිබෙන සැෂේ පැකට් ලබන මාසයේ සිට වටලන බවයි .එමෙන්ම සැෂේ පැකට් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු පවසා ඇත.
එමෙන්ම, ලන්ච් ෂීට් තහනමට අදාළ ගැසට් පත්‍රයද පරිසර අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා පරිසර අමාත්‍යාංශයට යවා තිබෙන බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
-පංචාලි අබේසේකර