ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ හෙට පෙරවරු 11.00 ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවය. ඊට පෙර, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
"හෙට උදේ අපි පක්ෂ සභාපතිතුමාත් එක්ක සාකච්ඡා කරනවා මොනවද අපි කතා කරන්නේ කියන එක. මේ සන්ධානයේදී අපි ගිවිසුම් කිහිපයකට එළඹුණා. මේ එකඟතා පදනම් කරගෙන තමයි අපේ සාකච්ඡා ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ."
-පංචාලි අබේසේකර