වාහන අංක තහඩු තැපැල් මගින් බෙදාහැරීමේ වැඩසටහනක් !  

Published in පුවත්
Sunday, 25 July 2021 10:08

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේනවා.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ එහි පළමු අදියර වශයෙන් වාහන අංක තහඩු තැපැල් මගින් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

ඒ පිළිබදව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කර ඇත ,

"තැපැල් සේවයේ වාර්ෂික ආදායම බිලියන 9ක්. බිලියන 14ක වියදමක් යනවා. බිලියන 5ක මුදලක් භාණ්ඩාගාරයෙන් ගන්න වෙලා තියෙනවා. අපේ පළවෙනි ඉලක්කය ආදායම වැඩිකර ගැනීම. ඒ නිසා RMV එකෙන් ලබලා දෙන වාහන අංක තහඩු ගෙදරට ගෙනල්ලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඒක ගන්න යන්න වෙනවා. පොඩි ගාණක් අපි ඒකට අය කරනවා."

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us