නිවෙස්වල සිටින ආසාදිතයින් සදහා සීමාවාසික වෛද්‍යවරු !

මාරාන්තික ඉබෝලා වෛරස කාණ්ඩයට අයත් වන ‘මාබර්ග්’ නැමැති වෛරසය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 රටේ දේශපාලන බල අධිකාරිය විසින් හිතා මතා සාහසික ලෙස විනාශ කිරීමට කැස කැවූ ව්‍යාපාරිකයකු, ඒ අසාධාරණ අයුක්ති සහගත අවනීතික ක්‍රියාවලියට එරෙහිව නොපසුබස්නා වීරයෙන් යුතුව කළ සටනින් අද ජයගෙන තිබේ. ඒ ඇවන්ට්ගාර්ඩ් සමූහ ව්‍යාපාරයේ අධිපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිය.

නිරෝධායනය නොවන පවුලක යම් පුද්ගලයකු මිය ගියහොත්, ඔහුගේ මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය විසින් මරණ පරීක්ෂකවරුන්ට පවරා තිබෙන බව වාර්ථා වේ.

මේ වනවිට රට පුරා පවතින කිරිපිටි හිඟය වැලැක්වීම වෙනුවෙන් මිල වැඩි කිරීමකින් තොරව බදු සංශෝධන හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ගෙන, කිරිපිටි ආනයනය කර වෙළඳපොලට සැපයීම තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාට පවරා තිබේ.

කොවිඩ් මර්දන සඳහා වන තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබේනවා .

අද අලුයම 02.15 ට පමණ මෙම එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇත . කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් - 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අද (9 වැනිදා) තීරණයක් නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ග තවත් දැඩි කරන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය.

ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය ප්‍රමුඛ සංවිධාන විසින් පවතවනු ලැබු විරෝධතාවයට සම්බන්ධ වූ සිසු නායකයන් සොයා රටපුරා පොලිස් මෙහෙයුම් දියත් කර තිබෙන බවට චොදනා එල්ලවේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

Connet With Us